ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම 50,000 ආසන්න වුවත් එය පාලනය කිරීමට නිසි වැඩපිළිවෙලක් නොමැති බව රජය වෛද්‍යයේ නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ මෙය මැඩ පැවැත්වීම සඳහා රජය මැදිහත් වී ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි. නිල සංඛ…
ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම 50,000 ආසන්න වුවත් එය පාලනය කිරීමට නිසි වැඩපිළිවෙලක් නොමැති බව රජය වෛද්‍යයේ නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ මෙය මැඩ පැවැත්වීම සඳහා රජය මැදිහත් වී ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි. නිල සංඛ්‍යා දත්ත වලට ඇතුළත් නොවුනු ඩෙංගු රෝගීන් විශාල පිරිසක් රට තුළ සිටිය හැකි බවයි වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියේ. මේ වනවිට දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49,000 ක් පමණ වනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාවද 30 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ ඩෙංගු ව්‍යාප්තියේ අවදානම තවමත් ජනතාව තේරුම් ගෙන නොමැති බවයි. ඒ අනුව ඩෙංගු රෝගීන් බෝවන ස්ථාන ගැන දැනුම්දීමට 0117 966 366 යන දුරකතන අංකය හඳුන්වා දී ඇති බවද වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවා. The post ඩෙංගු මඩින්න ආණ්ඩුවේ සහය මදි – වෛද්‍ය සංගමයකින් චෝදනා appeared first on Neth News.

