මෙරට සිදුවූ ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 67,174ක්. ජූලි මාසයේ පළමු දින 09 තුළ පමණක් රෝගීන් 10,685ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. ඊයේ දිනයේ පමණක් රෝගීන් 1,110ක් ප…
මෙරට සිදුවූ ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 67,174ක්. ජූලි මාසයේ පළමු දින 09 තුළ පමණක් රෝගීන් 10,685ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. ඊයේ දිනයේ පමණක් රෝගීන් 1,110ක් පමණ වාර්තා වී තිබෙනවා. එවන් පසුබිමක් තුළ මේ වනවිට ප්‍රධාන රෝහල් කිහිපයක ධාරිතාවය උපරිමයට ගොස් ඇති බැවින් රෝහල්වල දැඩි පීඩනයක් මෙන්ම තදබදයක් පවතින බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

