ඩෙංගු පාලනය කිරීමට නම් හිමිකරුවන් නොමැති පරිශ්‍ර සහ අතහැර දමන ලද පරිශ්‍ර සදහා දැඩි නීති සම්පාදනය කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ සදහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට පළාත් පාලන ආයතන සහ මධ්‍යම රජයට හැකි බවයි එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පැ…

ඩෙංගු පාලනය කිරීමට නම් හිමිකරුවන් නොමැති පරිශ්‍ර සහ අතහැර දමන ලද පරිශ්‍ර සදහා දැඩි නීති සම්පාදනය කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ සදහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට පළාත් පාලන ආයතන සහ මධ්‍යම රජයට හැකි බවයි එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ. මේ වනවිට මද වැසි ආරම්වීම ඇති බැවින් යළි මදුරු ඝනත්වය ඉහළ ගොස් ඩෙංගු රෝගය සම්බන්ධයෙන් පවතින තත්ත්වය තවදුරටත් වර්ධනයවීමේ අවදානමක් ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා. වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,422ක්. එමෙන්ම සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව ද 35 දක්වා ඉහළ ගොස් තිබෙනවා.