මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද පෙරවරු 8.00 සිට දිවයින පුරා සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, දිවයිනේ සියළුම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් දිවයිනපුරා සියළු ඩෙංගු මර්දන රාජකාරීවලින් පසුගිය 20 වනදා සිට ඉවත්ව සිටින පසුබිමක් තුළයි. කටුනායක බණ්ඩාරනායක ජ…
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද පෙරවරු 8.00 සිට දිවයින පුරා සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, දිවයිනේ සියළුම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් දිවයිනපුරා සියළු ඩෙංගු මර්දන රාජකාරීවලින් පසුගිය 20 වනදා සිට ඉවත්ව සිටින පසුබිමක් තුළයි. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අනීතික ක්‍රියාවලට එරෙහි වීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මිගස්දෙනිය මහතා ස්ථානමාරු කිරීමට එරෙහිවයි ඔවුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වී සිටින්නේ. මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර බලධාරීන් දැනුවත් කළද, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙතෙක් විසඳුමක් ලැබී නැති බවයි එම සංගමය පැවසුවේ. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි, සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරිපාලනය වෙත ලබාදෙන දත්ත සහ වාර්තා සැපයීම සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ලබනු ඇති. එමෙන්ම දත්ත පද්ධති යථාවත් කිරීමේ කටයුතු ද අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ. මෙම කාලසීමාව තුළ නොලැබී යන කිසිදු දත්තයක් නැවත කිසිදිනෙක පද්ධති වෙත ඇතුළත් නොකරන බවද එම සංගමය දැඩිව අවධාරණය කරනවා. අදාළ අත්නෝමතික ස්ථානමාරුව වහාම අවලංගු කර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, කොළඹ වරාය සහ කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලවල අනුමත සේවක සංඛ්‍යාව අඩු කිරීමට දරන උත්සාහය ද හෙලා දකින බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, මෙම ගැටලුව සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් සඳහා ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සූදානම් බවයි එම සංගමය වැඩිදුරටත් දන්වා සිටින්නේ.









