මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 84,091 ක් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. එම කාලය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 61 ක්. මෙම ජූලි මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 28,717 ක් වාර්තා ව…

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 84,091 ක් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. එම කාලය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 61 ක්. මෙම ජූලි මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 28,717 ක් වාර්තා වනවා. මේ අතර තවමත් ඩෙංගු අධි අවදානම් කලාප 175 ක් පවතින බවද ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය පැවසුවා.. ඒ අනුව සිය පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීමට මහජනතාව තවදුරටත් කටයුතු කළ යුතුයි. යම් පුද්ගලයෙකුට උණ රෝග ලක්ෂණ පවතී නම් වෙනත් ඖෂධ භාවිතා නොකර පැරසිටමෝල් පමණක් භාවිතා කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලිමක් ද කළා.