වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,810ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම එම කාලය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. එමෙන්ම ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,604ක් වාර්තා වී ඇති බව ද සඳහන්. ජූල…
වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,810ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම එම කාලය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. එමෙන්ම ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,604ක් වාර්තා වී ඇති බව ද සඳහන්. ජූලි මාසයේ පළමු දින තුන තුළ පමණක් රෝගීන් 3,422ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය දත්ත පෙන්වා දී දෙන්නේ. ගතවූ මාස 7ක කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූනි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 21,547ක්. මීට අමතරව ජනවාරි මාසයේදී රෝගීන් 7,866ක් ද, පෙබරවාරි මාසයේදී 5,721ක් ද, මාර්තු මාසයේදී 6,013ක් ද, අප්‍රේල් මාසයේදී 5,651ක් ද, මැයි මාසයේදී රෝගීන් 8,590ක් ද වාර්තා වී තිබෙනවා. පළාත් මට්ටමින් සලකා බැලීමේදී සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52.50ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම රෝගීන් සංඛ්‍යාව 30,876 ක්. ඊට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 9,316ක් ද, සබරගමුව පළාතෙන් 5,129ක් ද, මධ්‍යම පළාතෙන් රෝගීන් 4,542ක් ද වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය දත්ත පෙන්වා දෙන්නේ. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,017ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,740ක් වාර්තා වී තිබෙනවා.

