බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වන දිනය නිමාවන විට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සදහා කඩුලු 2ක් දැවී ලකුණු 92ක් රැස් රැස්කර ගෙන සිටියා. ලකුණු 50ක වාසියක් සමඟින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු දෙක ලකුණු 32ක්…
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වන දිනය නිමාවන විට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සදහා කඩුලු 2ක් දැවී ලකුණු 92ක් රැස් රැස්කර ගෙන සිටියා. ලකුණු 50ක වාසියක් සමඟින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු දෙක ලකුණු 32ක් තුළ බිද වැටුණා. කෙසේ වෙතත්, සිව්වැනි දිනය නිමාවන විට නොදැවී කණුවේ රැඳී සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 40ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 30ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර මට්ටමකට රැගෙන ඒමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව, කොදෙව්වන්ට වඩා ලකුණු 142ක් ඉදිරියෙන් පසු වුණා. ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කළ ළහිරු උදාර පන්දු 248කදී හතරේ පහර 21ක් සහ හයේ පහර 5ක් සමඟින් විශිෂ්ට ලකුණු 188ක් රැස්කළා. සොනල් දිනූෂ ලකුණු 92ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 84ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 69ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 549ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 499ක් රැස් කළා. කොදෙව් ඉනිම වෙනුවෙන් ජස්ටින් ග්‍රීව්ස් පන්දු 325කදී ලකුණු 180ක් ශයි හෝප් ලකුණු 112ක් සහ ජෝන් කැම්බල් ලකුණු 72ක් රැස් කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු ලකුණු 130කට කඩුලු 5ක් බිඳ හෙලූ අතර ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් දවා ගත්තා.

