දීර්ඝ සති අන්ත නිවාඩුවේ පළමු දින තුන ඇතුළත රුපියල් මිලියන 176යි දශම 8ක ආදායමක් උපයා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ පසුගිය 26 වනදා පමණක් රුපියල් මිලියන 64යි දශම 1යි 6…
දීර්ඝ සති අන්ත නිවාඩුවේ පළමු දින තුන ඇතුළත රුපියල් මිලියන 176යි දශම 8ක ආදායමක් උපයා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ පසුගිය 26 වනදා පමණක් රුපියල් මිලියන 64යි දශම 1යි 6ක ආදායමක් උපයා ඇති බවයි. “25 වෙනිදා සිට 26 දක්වා, 25 රෑ 12 සිට 26 රෑ 12 දක්වා අපී මාර්ගය භාවිතා කරපු ජනතාව නිසා අධිවේගී මාර්ගයට මිලියන 60.41 ක්, 26 යෙන් දැන් 27 සඳහා මිලියන 64.16 ක්, 27 සිට 28 දක්වා මිලියන 52.23 ක්. එතකොට ගත්තහාම 25 සිට 28 දක්වා මාර්ගය භාවිතා කරලා පිටවීම් සිද්ධ වෙලා තියෙනවා 4,66,875 ක්, මාර්ගයට එන්ටර් වෙලා තියෙනවා 4,77,885 ක් සහ සම්පූර්ණ ආදායම වශයෙන් මිලියන 177.8 ක් උපයලා තියෙනවා අධිවේගී මාර්ග භාවිතය නිසා.” මේ අතර දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල සංචාරකයන් පිරිසක් නුවරඑළිය ප්‍රදේශයට පැමිණ සිටින බව නුවරඑළිය සංචාරක හෝටල් සහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති මහින්ද දොඩම්පගමගේ මහතා පැවසුවා. “මහනුවර දළදා පෙරහැරට වගේම පිරිසක් තමයි පැමිණිලා තියෙන්නේ. ඒ වගේම කොළඹ තියෙන අධික රශ්මියත් මම හිතන්නේ මේකට බලපාන්න ඇති. ඒ වගේම පාසල් නිවාඩුව වැනි කාරණා හේතු කරගෙන විශාල පිරිසක් මේ වන විට පැමිණ සිටිනවා. විශේෂයෙන් ග්‍රෙගරි වැව, තුරඟ තරග පිටිය, සඳතැන්න වැනි සංචාරක ස්ථානවලට විශාල පිරිසක් ඇදී එනවා. ඒ වගේම අඩුපාඩුත් රාශියක් තියෙනවා. ඉතින් ඒවා ඉදිරියේදී සකස් කරගන්න වෙනවා. විශේෂයෙන් රථ වාහන ගාල් කිරීමේ තදබදය වැනි ප්‍රශ්න තියෙනවා. ඒවාට ඉදිරියේදී දීර්ඝකාලීන විසඳුම් ගන්න වෙනවා.වැඩිපුරම මේ දින තුනේ ඉන්නේ දේශීය (සංචාරකයින්), නමුත් විදේශීය සංචාරකයිනුත් සැලකිය යුතු ප්‍රමාණයක් පැමිණෙනවා.”












