නානූඔය සිට බදුල්ල බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කල විදෙස් ජාතික කාන්තාවක් එම දුම්රියෙන් ඇද වැටී තිබෙනවා. තුර්කි ජාතික කාන්තාවක් වන ඇය අඹේවෙල ප්‍රදේශයේදී එලෙස දුම්රියෙන් ඇද වැටී ඇති බවයි පට්ටිපොල පොලීසිය පැවසුවේ. එහිදි බරපතල තුව…

නානූඔය සිට බදුල්ල බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කල විදෙස් ජාතික කාන්තාවක් එම දුම්රියෙන් ඇද වැටී තිබෙනවා. තුර්කි ජාතික කාන්තාවක් වන ඇය අඹේවෙල ප්‍රදේශයේදී එලෙස දුම්රියෙන් ඇද වැටී ඇති බවයි පට්ටිපොල පොලීසිය පැවසුවේ. එහිදි බරපතල තුවාල ලැබූ ඇය නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිය හිතවතුන් පිරිසක් සමග නුවරඑළියට ගොස් පසුව නානූඔය සිට බදුල්ල බලා දුම්රියෙන් ගමන් කරමින් සිටියදී එම විදෙස් කාන්තාව එලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.