විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාතරදී කියයි රටක් ලෙස දැවැන්ත අභියෝග ගණනාවකට මුහුණ දෙන බවත් එල්නීනෝ ලානීනා තත්ත්වය මෙවර අතිශය දරුණු ලෙස ප්‍රබල ලෙස බලපෑම් කරන බවත් ප්‍රංශය ග්‍රීසිය වැනි රටවල වනාන්තර ගිනි ගැනීම් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාතරදී කියයි
රටක් ලෙස දැවැන්ත අභියෝග ගණනාවකට මුහුණ දෙන බවත් එල්නීනෝ ලානීනා තත්ත්වය මෙවර අතිශය දරුණු ලෙස ප්‍රබල ලෙස බලපෑම් කරන බවත් ප්‍රංශය ග්‍රීසිය වැනි රටවල වනාන්තර ගිනි ගැනීම් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ තල්පේ පත්තුව ඇතුළු මාතර හම්බන්තොට දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය සපුගස්යායේ ධර්මපාල ස්වාමීන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාව හා එක්වෙමිනි.
මේ එල්නීනෝ ලානීනා තත්ත්වය නිසා දැඩි කාලගුණ තත්ත්වයක් මත දැඩි නියඟයත් පසුව දැඩි වර්ෂාවත් ආදිය සිදුවන බවත් මේ කාලගුණ දේශගුණ තත්ත්වයන් තුළ කෙටි කාලයක් තුළ අන්ත දෙකක් ක්‍රියාත්මක බවත් මේවා වුණත් නැතත් අප රටක් ලෙස මේවාට පූර්ව සූදානමක් තිබිය යුතු බවත් ආපදා කළමනාකරණ ව්‍යුහය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආපදාවලට ප්‍රතිචාර දැක්වීමේ වැඩපිළිවෙළට අමතරව ඉන්දියාවේ ඔඩ්සා ප්‍රාන්තයෙන් පාඩම් ඉගෙන ගෙන ආපදාවලට ප්‍රතිචාර දක්වනවා වෙනුවට නව ආපදා කළමනාකරණ ව්‍යුහයක් රටට අවශ්‍ය බවත් මේ සඳහා නව වැඩපිළිවෙළක් නව ආයතන පවා අවශ්‍ය බවත් නිතර නිතර උද්ගත වන ආපදාවලට ඔරොත්තු දෙන රටක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
40000කට ජීවිත අහිමි කළ සුනාමිය 2004 වසරේ අපට බලපෑම් කළ පසුත් අප රටේ නූතනවාදී ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් කරා යන්න නොහැකි වී ඇති බවත් මේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය රාජ්‍ය, රාජ්‍ය නොවන, සිවිල් පරපුර ආදී සෑම පාර්ශ්වයක්ම එකට එකතු වී නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව සම්බුදු ශාසනය සුරක්ෂා කිරීම අපේ වගකීම බවත් ඊට අමතරව සෙසු ආගම් ජාති ආදී සෑම කණ්ඩායමකගේම ආරක්ෂාව ගැන අවධානය යොමුවිය යුතු බවත් සම්බුද්ධ ශාසනය පෝෂණය කරන්න සෑම දෙනාම බැඳී ඇති බවත් එය රජයේ වගකීම බවත් ඊට අමතර සෙසු ආගම් ජාති ආරක්ෂා කර අනන්‍යතාව රැකගැනීමද සිදු කළ යුතු බවත් මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
බංකොළොත් රටට විදේශීය සංවිධාන රටට බලපෑම් කරන්න සූදානම් බවත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන බහුජාතික සමාගම් පවා මේ උත්සාහ දරන නිසා රටක් ලෙස එකට එක්ව මුහුණ දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.












