කිලියන් එම්බාපේ ප්‍රමුඛ ප්‍රබල ප්‍රංශ කණ්ඩායම තරගාවලියෙන් ඉවතට ඇද දමමින්, මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤය සමත් වුණා. ඒ, ඩලස් ක්‍රීඩාංගණයේ පැවති තීරණාත්මක අවසන් පූර්ව තරගයෙන් ගෝල 2යි බින්දුවක් ලෙස ප්‍රංශය පරාජය කරමින්. තරගයේ පළමු…
කිලියන් එම්බාපේ ප්‍රමුඛ ප්‍රබල ප්‍රංශ කණ්ඩායම තරගාවලියෙන් ඉවතට ඇද දමමින්, මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤය සමත් වුණා. ඒ, ඩලස් ක්‍රීඩාංගණයේ පැවති තීරණාත්මක අවසන් පූර්ව තරගයෙන් ගෝල 2යි බින්දුවක් ලෙස ප්‍රංශය පරාජය කරමින්. තරගයේ පළමු අර්ධය මැදභාගයේදී ස්පාඤ්ඤයට හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කිරීමට මිකෙල් ඔයාර්සබල් සමත් වුණා. ප්‍රංශ පසුපෙළ ක්‍රීඩක ලූකස් ඩීනියර්, ස්පාඤ්ඤයේ ලැමින් යමාල්ට සිදුකළ බාධා කිරීමක් හේතුවෙනුයි මෙම දඬුවම් පහර ඔවුන්ට හිමිවුණේ. පළමු අර්ධයේදී ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගත් ස්පාඤ්ඤය දෙවන අර්ධයේදී තවදුරටත් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළා. එහිදී ඩැනී ඔල්මෝ සමඟ එක්ව දියත් කළ අලංකාර සහයෝගීතාවයකින් ස්පාඤ්ඤය වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කළේ පේද්‍රෝ පෝරෝ විසින්. මෙවර තරගාවලිය පුරාම ස්පාඤ්ඤ පසුපෙළ දැක්වූ අතිවිශිෂ්ට ආරක්ෂක උපක්‍රම හමුවේ ප්‍රංශයේ ප්‍රබල ඉදිරිපෙළ සම්පූර්ණයෙන්ම අඩපණ වුණා. ප්‍රංශයට සිය පළමු ඉලක්කගත ප්‍රහාරය එල්ල කිරීමට පවා තරගයේ 81 වන මිනිත්තුව දක්වා බලා සිටීමට සිදු වීම විශේෂත්වයක්. ලඳ පරාජයත් සමඟ ප්‍රංශයේ ලෝක කුසලාන සිහිනය බොඳ වී ගිය අතර, වසර 14ක් පුරා ප්‍රංශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඩිඩියර් ඩෙෂෑම්ප්ස් මෙම තරගාවලියෙන් පසු සිය ධුරයෙන් සමුගැනීමට නියමිතයි. කෙසේ වෙතත්, සෙනසුරාදා පැවැත්වෙන තෙවන ස්ථානය සඳහා වන තරගයේදී කිලියන් එම්බාපේට සිය රන් සපත්තුව සඳහා වන සටන තවදුරටත් ඉදිරියට ගෙන යාමට අවස්ථාව තිබෙනවා. ජයග්‍රාහී ස්පාඤ්ඤ කණ්ඩායම ලබන ඉරිදා නිව් ජර්සි හි පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිත අතර, එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න අද පැවැත්වෙන එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර දෙවන අවසන් පූර්ව තරගයෙන් තීරණය වීමට නියමිතයි

