ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ එංගලන්තය සහ නෝර්වේ අතර ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව තරඟයට අදාළව ඇතිකර ගත් ඔට්ටුවක් පරාජය වීම නිසා ”නොවීජියන් එයාර්” ගුවන් සමාගම ඔවුන්ගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ලාංඡනය බි්‍රටිෂ් එයාර්වේස් ගුවන් සමාගමේ නිල ලාංඡනය ලෙස වෙනස් කර තිබෙනවා. ඇතිකරගත් ඔට්ටුවට අ…

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ එංගලන්තය සහ නෝර්වේ අතර ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව තරඟයට අදාළව ඇතිකර ගත් ඔට්ටුවක් පරාජය වීම නිසා ”නොවීජියන් එයාර්” ගුවන් සමාගම ඔවුන්ගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ලාංඡනය බි්‍රටිෂ් එයාර්වේස් ගුවන් සමාගමේ නිල ලාංඡනය ලෙස වෙනස් කර තිබෙනවා. ඇතිකරගත් ඔට්ටුවට අනුව ගුවන් සමාගම් දෙකම එකඟ වී තිබුණේ තරඟයෙන් තම රටේ පාපන්දු කණ්ඩායම පරාජය වූහොත් ජයග්‍රහණය කරන රටේ ගුවන් සමාගමෙහි ලාංඡනය තම නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රදර්ශනය කරන බවයි. එලෙස ඇතිකරගත් ඔට්ටුව අනුව යමිනුයි දැන් ”නොවීජියන් එයාර්” ගුවන් සමාගම ඔවුන්ගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ලාංඡනය බි්‍රටිෂ් එයාර්වේස් ගුවන් සමාගමේ නිල ලාංඡනය ලෙස වෙනස් කර ඇත්තේ. මේ සමග ”නොවීජියන් එයාර්” ගුවන් සමාගම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුමෙහි කෙටි සටහනක් ද පළ කර තිබෙනවා. ඒ ”අපට තරගාවලිය නිමා වුවද, මෙම සුහද ඔට්ටුව සදාකාලිකව අපගේ හදවත්වල පවතිනු ඇතැයි සහ එංගලන්ත කණ්ඩායමට හා බි්‍රතාන්‍ය ගුවන් සමාගමට සුභ පැතුම්!” යනුවෙන්. එංගලන්ත සහ නොර්වේ කණ්ඩායම් අතර ඊයේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරඟය පිළිබඳ මෙන්ම දෙරටේ ගුවන් සමාගම් ඇති කරගත් ඔට්ටුව පිළිබඳවද සෙසු ජාත්‍යන්තර ගුවන් සේවා සහ උනන්දුවක් දක්වන තවත් බොහෝ පිරිස් අවධානයෙන් පසු වුණා. ඒ ඒ රටට සහාය දක්වන කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ සුහද සංවාද ඇති කරගත් අතර දැන් ඔට්ටුව පරාජය වූ ”නොවීජියන් එයාර්” ගුවන් සමාගම ඔවුන්ගේ පොරොන්දුව ඉටු කිරීමෙන් පසුවද හාස්‍යජනක සංවාද ඇතිවෙමින් තිබෙනවා. ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව තරඟය එංගලන්තය ජය ගත්තේ ගෝල දෙකට එකක් ලෙස නෝර්වේ කණ්ඩායම පරාජය කරමින්.