ඇල්ල වැල්ලවාය මාර්ගයේ හෝටලයක සංවිධාන කර තිබූ ෆේස්බුක් සාදයක් සඳහා මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස්, හෙරොයින් සහ විවිධ වර්ගයේ මත්පෙති සමග පුද්ගලයින් 15 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් බණ්ඩාරවෙල වාර්තාකරු විරාජ් ප්…
ඇල්ල වැල්ලවාය මාර්ගයේ හෝටලයක සංවිධාන කර තිබූ ෆේස්බුක් සාදයක් සඳහා මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස්, හෙරොයින් සහ විවිධ වර්ගයේ මත්පෙති සමග පුද්ගලයින් 15 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් බණ්ඩාරවෙල වාර්තාකරු විරාජ් ප්‍රනාන්දු පැවසුවේ. ඊයේ රාත්‍රී කෙරුණු මාර්ග පරීක්ෂාවකදී පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් ෆේස්බුක් සාදය සඳහා මෙයින් අවහිරයක් වී නොමැති අතර 200ක් පමණ දෙනාගේ සහභාගිත්වයෙන් සාදය පවත්වා ඇති බවයි කරුණු සොයා බැලූ නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ. අත්අඩංගුවට ගත් පිරිස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරෙනවා.

