අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) දිනයේ සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි. ඒ මහතාගේ දේහය අද (02) පස්වරුවේ බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙනවිත් එහි තැන්පත් කෙරෙනු ඇත. කලක් රෝගාතුරව සිටි ප්‍රියංකර…

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) දිනයේ සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි.

ඒ මහතාගේ දේහය අද (02) පස්වරුවේ බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙනවිත් එහි තැන්පත් කෙරෙනු ඇත.

කලක් රෝගාතුරව සිටි ප්‍රියංකර පෙරේරා මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබුණි. මියයන විට ප්‍රියංකර පෙරේරා මහතා 64 වන වියේ පසුවුණි.