මීගමුව බන්ධනාගරයේ ඇතිවූ ගැටුම අතරතුර ආරක්ෂක අංශ නිළධාරීන් වෙඩි තැබීමක් සිදුකළේද යන්න පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා එහිදී විමසා සිටියේ එම වෙඩි තැබීම කුමන වර්ගයේ උණ්ඩ භාවිත කර සිදුකළේද යන්නයි. මන්ත්‍රීවරයා යොමු කළ එම ප්‍රශ්ණය…

මීගමුව බන්ධනාගරයේ ඇතිවූ ගැටුම අතරතුර ආරක්ෂක අංශ නිළධාරීන් වෙඩි තැබීමක් සිදුකළේද යන්න පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා එහිදී විමසා සිටියේ එම වෙඩි තැබීම කුමන වර්ගයේ උණ්ඩ භාවිත කර සිදුකළේද යන්නයි. මන්ත්‍රීවරයා යොමු කළ එම ප්‍රශ්ණයට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පිළිතුරු ලබාදුන්නා.

මේ අතර මීගමුව බන්ධනාගාරය තුළ හට ගත් ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් කථානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, කින්ස් නෙල්සන්, රෝහිණි විජේරත්න සහ හෙක්ටර් අප්පුහාමි යන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අත්සන් තබා ඇති බවයි වාර්තා වුණේ. එම ගැටුමෙන් සිදුවූ මරණ සහ තුවාල පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව මත පැටවෙන බව ද අදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබෙනවා. එවන් පසුබිමක් තුළ හදිසි කල්තැබීමේ විවාදයක් ලබාදෙන ලෙසයි විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ.