ගිනි අවියක් නීති විරෝධීව ළඟ තබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා හෙට දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මතයි. එම මන්ත්‍රීවරයා අදාළ ගිනි අවිය සමග අත්අඩංගුවට…

ගිනි අවියක් නීති විරෝධීව ළඟ තබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා හෙට දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මතයි. එම මන්ත්‍රීවරයා අදාළ ගිනි අවිය සමග අත්අඩංගුවට ගනු ලැබුවේ මීටියාගොඩ පිහිටි ඔහුගේ නිවසේදීයි. ඒ, රිපිටර් වර්ගයේ ගිනි අවියක් නීති විරෝධීව මගින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. එම මන්ත්‍රීවරයාට අදාළ ගිනි අවිය ලැබුණු ආකාරය සම්බන්ධයෙන් ද ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.