යල කන්නයේ වී මිලද ගැනීමේ වැඩසටහන යටතේ වී අලෙවි මණ්ඩලය දින 4ක් තුළ වී මෙට්‍රික් ටොන් 305 ක් මිලද ගත් බව වී අලෙවි මණ්ඩලය පවසනවා. යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු පසුගිය 13 වනදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා. පසුගිය 13 වනදා සිට 17වෙනිදා දක්වා දින 4ක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන…

යල කන්නයේ වී මිලද ගැනීමේ වැඩසටහන යටතේ වී අලෙවි මණ්ඩලය දින 4ක් තුළ වී මෙට්‍රික් ටොන් 305 ක් මිලද ගත් බව වී අලෙවි මණ්ඩලය පවසනවා. යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු පසුගිය 13 වනදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා. පසුගිය 13 වනදා සිට 17වෙනිදා දක්වා දින 4ක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන් 305ක් වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන තිබෙනවා. මේ වන විට වැඩිම ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. ඊට අමතරව මුලතිව්, කිලිනොච්චි, වව්නියා සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලද වී මිලදී ගැනිමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුවන බවයි වී අලෙවි මණ්ඩලය පැවසුවේ. දිවයින පුරා ස්ථාන 143කදී වී ලබාදීමට ගොවි ජනතාවට පහසුකම් සලසා තිබෙනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ වී මෙට්‍රික් ටොන් 15,000ක් මිලදි ගැනීමේ පහසුකම් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර ඇති බවයි. නාඩු වී කිලෝවක් රුපියල් 120කටත් සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් කීරිසම්බා වී කිලෝවක් රුපියල් 140කටත් මිලදී ගැනීමට රජය විසින් පසුගියදා සහතික මිලක් නිකුත් කළා.