කඩු දෙකක් සහ සන්නිවේදන උපකරණ කිහිපයක් සමග සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අගුලාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අගුලාන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ හදිසි වාහන පරීක්‍ෂාවකදීයි. එම මෝටර් රථය තුළ තිබී කඩු දෙකක්, නවීන පන්නයේ අධි බලැති ගමන් කථන 4ක…

කඩු දෙකක් සහ සන්නිවේදන උපකරණ කිහිපයක් සමග සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අගුලාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අගුලාන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ හදිසි වාහන පරීක්‍ෂාවකදීයි. එම මෝටර් රථය තුළ තිබී කඩු දෙකක්, නවීන පන්නයේ අධි බලැති ගමන් කථන 4ක්, ජංගම දුරකථන 5ක් , ඩ්‍රොන කැමරාවක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. එමෙන්ම ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රැම් 120 ක් ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ තමන් ගුවන් නියමුවෙකු බවයි. පනස් හැවිරිදි වියේ පසු වන සැකකරු අම්පාර, ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් අගුලාන පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.