සුපිරි ක්‍රීඩක ජූඩ් බෙලිංහැම් රැස් කළ විශිෂ්ට ගෝල දෙක හේතුවෙන්, නෝර්වේ කණ්ඩායම පරදා ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් තියුණු ජයක් ලැබීමට එංගලන්තය සමත් වුණා. තරඟය පැවැත්වුණේ ඇමෙරිකාවේ මියාමි නුවරදීයි. එහි අවසන් ප්‍රතිඵලය ගෝල 2 ට 1 ක් ලෙස සටහන් ව…
සුපිරි ක්‍රීඩක ජූඩ් බෙලිංහැම් රැස් කළ විශිෂ්ට ගෝල දෙක හේතුවෙන්, නෝර්වේ කණ්ඩායම පරදා ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් තියුණු ජයක් ලැබීමට එංගලන්තය සමත් වුණා. තරඟය පැවැත්වුණේ ඇමෙරිකාවේ මියාමි නුවරදීයි. එහි අවසන් ප්‍රතිඵලය ගෝල 2 ට 1 ක් ලෙස සටහන් වුණා. මෙම ජයග්‍රහණයත් සමඟ 1966 වසරෙන් පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට එංගලන්තයට දැන් අවශ්‍යව ඇත්තේ තවත් එක ජයක් පමණයි. දැඩි උණුසුම් සහ ආර්ද්‍රතාව සහිත කාලගුණයක් යටතේ ඊයේ තරඟය පැවතුණා. එහි 36 වැනි විනාඩියේදී ඇන්ඩ්‍රියාස් ෂෙල්ඩරප් එල්ල කළ ප්‍රහාරයකින් පළමු ගෝලය වාර්තා කලේ නෝර්වේ කණ්ඩායමයි. නමුත් පළමු අර්ධයේ අතිරේක කාලයේදී ක්‍රියාත්මක වූ ජූඩ් බෙලිංහැම් ගෝලයක් ලබාගනිමින් ලකුණු සම තත්ත්වයට පත් කළා. තරගයේ දෙවැනි අර්ධයේදී ද නෝර්වේ කණ්ඩායම තවත් ගෝලයක් වාර්තා කළ නමුත් සුපිරි ක්‍රීඩක අර්ලින් හාර්ලන්ඩ් සිදුකළ වැරදි තල්ලු කිරීමක් නිසා විනිසුරුවන් තීරණය කළේ එම ගෝලය අවලංගු කිරීමටයි. නෝර්වේ කණ්ඩායමේ තවත් ප්‍රහාරයක් ගෝල කණුවේ වැදී ඉවතට ඇදී ගියා. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් ලබා සම තත්ත්වයේ යි පසු වූනේ. ඒ නිසා තරගය අතිරේක කාලය දක්වා දීර්ඝ කෙරුණා. එලෙස අතිරේක කාලය ආරම්භ වී තුන්වැනි විනාඩියේදීම නෝර්වේ ගෝල රකින්නා අතින් සිදු වූ වැරදීමකින් ප්‍රයෝජන ගත් ජූඩ් බෙලිංහැම්, එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය තීරණාත්මක දෙවැනි ගෝලයත් වාර්තා කළා. දැන් එංගලන්තය ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා. අවසන් පූර්ව වටයේදී ඔවුන්ට තරග වැදීමට සිදුවන්නේ ආර්ජන්ටිනාව හෝ ස්විට්සර්ලන්තය සමඟයි.

