මුලින් කෝටි 50ක් ඉල්ලා පසුව කෝටි 12ට බස්සලා රඛිත හා චරිත් ඇතුළු 3ක් ජූලි 3දා තෙක් රිමාන්ඩ් සී.අයි.ඩී.යේ සිටියදී හරක් කටාගෙන් හැමෝම දොළ පිදේනි අරන් මෙරට ප්‍රධානතම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වූ නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තාගෙන් රුපියල් ලක්‍ෂ 5000 ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන්…
මුලින් කෝටි 50ක් ඉල්ලා පසුව කෝටි 12ට බස්සලා රඛිත හා චරිත් ඇතුළු 3ක් ජූලි 3දා තෙක් රිමාන්ඩ් සී.අයි.ඩී.යේ සිටියදී හරක් කටාගෙන් හැමෝම දොළ පිදේනි අරන් මෙරට ප්‍රධානතම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වූ නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තාගෙන් රුපියල් ලක්‍ෂ 5000 ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්‍ෂ 1200 ක් අත්තිකාරම් ලෙස ලබාගත් බවට එල්ලවූ චෝදනා මත අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වූ නීතිඥ රඛිත රාජපක්ෂ හා සමගි ජන බලවේගය හොරණ සංවිධායක චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය. මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාගේ බිරිඳ වන මධුවන්ති විසින් ඉකුත් 2023 වර්ෂයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි. මෙහිදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු වන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්‍ෂවරයකු වූ අරුණ ශ්‍රී චතුරංග යන අය බව අල්ලස් කොමිසම පවසයි. මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ අල්ලස් කොමිසමේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් ඊයේ (25දා) උදෑසන ඔවුන්ගේ නිවෙස්වලට ගොසින්ය. මෙම සැකකරුවන් තිදෙනා වෙත එල්ලවී ඇති චෝදනා මෙසේය. ත්‍රස්තවාදී පනත යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි හරක් කටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඝාතනය කිරීමෙන් වළක්වා ඔහුට ජීවිත ආරක්‍ෂාවක් ලබාදීම, රැඳවුම් නියෝග භාරයෙන් ඉවත් කර බූස්ස බන්ධනාගාරයට නොයවා වෙනත් බන්ධනාගාරගයක් වෙත මාරු කර යැවීම, එල්ලවී ඇති සියලු චෝදනාවලින් නිදහස් කිරීමට යැයි කියමින් හරක් කටාගේ බිරිඳගෙන් අදාළ අල්ලස් මුදල ලබාගෙන ඇත. විමර්ශන නිලධාරීන් පවසන අන්දමට ඉකුත් 2023 වර්ෂයේදී හරක් කටාගේ බිරිඳ වන මධුවන්ති නමැති කාන්තාවගෙන් සැකකරුවන් මුලින් රුපියල් ලක්‍ෂ 5000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇත. ඒ වනවිට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි මෙම කාන්තාව සමග සාකච්ඡා කර අදාළ අල්ලස් මුදල ඉල්ලා තිබේ. එහෙත් එම මුදල ලබාදීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා එම මුදල රුපියල් ලක්‍ෂ 2000 ක් දක්වා අඩු කර ඇත. අවසානයේදී රුපියල් ලක්‍ෂ 1200 ක මුදලක් ඉල්ලා එය හරක් කටාගේ බිරිඳගෙන් ලබාගැනීමට මෙම සැකකරුවන් කටයුතු කර ඇති බවට ඔවුන් වෙත චෝදනා එල්ල වී තිබේ. පසුව මේ පිළිබඳව හරක් කටාගේ බිරිඳ විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇත. පසුගිය ආණ්ඩුව සමයේ මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කර නොතිබිණි. ඉකුත් 2023 වර්ෂයේදී හරක් කටා සහ කුඩු සලිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු පිරිසක් මැඩගස්තරයේදී අත්අඩංගුවට පත්වූහ. එහිදී හරක් කටා සහ කුඩු සලිඳු ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කර තිබිණි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හරක් කටා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය. එහිදී රඛිත රාජපක්ෂ හරක් කටාගේ විනිමය කටයුතු වෙනුවෙන් පෙනී සිටි බව ආරංචි මාර්ග පැවැසීය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හරක් කටා රඳවා සිටියදී එහි සිටි උසස් නිලධාරීන් මෙන්ම පහළ නිලධාරීන් ද ඔහුගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගත් බවට චෝදනා එල්ල විය. එවකට රහස් පොලිසියේ සිටි ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයන්ගේ අවමඟුල් සඳහා පවා හරක් කටාගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබුණි. රහස් පොලිසියේ රඳවා සිටියදී හරක් කටාට ඉන් පලායෑම සඳහා ගත් උත්සාහයට එහි නිලධාරීන් පිරිසක් සහාය වූ අතර ඒ වෙනුවෙන් ද රුපියල් කෝටි ගණනක මුදලක් ඔහුගෙන් ලබාගත් බව පසුව හෙළි විය. රහස් පොලිසියේ හරක් කටා රඳවා සිටියදී ඇතැම් නිලධාරීන්ට වටිනා ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක ඇතුළු වටිනා දේ ලබාදීමට ද හරක් කටා කටයුතු කළ බව මේ වනවිට අනාවරණය වී ඇත. හරක් කටාගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් කීපදෙනකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය. මේ අතර නදුන් චින්තක නොහොත් හරක් කටාගේ බිරිඳ සහ රඛිත රාජපක්ෂ හා චරිත් අබේසිංහ අතර හුවමාරු වී ඇති බව කියන ගනුදෙනුවක දුරකථන සංවාදයක හඬ පටයක් ද ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබිණි. අල්ලස් කොමිසම වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි. හේමන්ත රන්දුණු සහ ඒ.ජේ.ඒ. අබේනායක

