මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්‍ෂයට පත් වූ ජේලර් ජේ.එස්.එච්.ජී චන්ද්‍රවංශ මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනවා. ඒ, මාලඹේ ප්‍රදේශයේදීයි. ඔහුගේ දේහය මාලඹේ පෞද්ගලික මල් ශාලාවක මේ වනවිට තැන්පත්කර තිබෙනවා. කාගේත් හිත හොද චන්ද්‍රවංශ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්විම සදහා සහෝදර…
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්‍ෂයට පත් වූ ජේලර් ජේ.එස්.එච්.ජී චන්ද්‍රවංශ මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනවා. ඒ, මාලඹේ ප්‍රදේශයේදීයි. ඔහුගේ දේහය මාලඹේ පෞද්ගලික මල් ශාලාවක මේ වනවිට තැන්පත්කර තිබෙනවා. කාගේත් හිත හොද චන්ද්‍රවංශ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්විම සදහා සහෝදර බන්ධනාගාර නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ඊයේ සිට එම පෞද්ගලික මල්ශාලාව වෙත පැමිණෙමින් සිටිනවා. ජීවිතක්‍ෂයට පත් වූ ජේලර් ජේ එස් එච් ජී චන්ද්‍රවංශ මහතා දියණියක් සහ පුතුන් දෙදෙනෙකුගේ පියෙක්. පවුලේ දෙවැනියා වන වැඩිමහල් පුත්‍රයා පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබනවා. අද ඔහුගේ අවසන් විභාගයයි. සිය පියාගේ දේහයට ගෞරව දක්වා ඔහු විභාගයට පෙනී සිටිමට මාලඹේ පෞද්ගලික මල් ශාලාවේ සිට විභාග වෙනුවෙන් පිටව ගියේ එහි සිටි සෑම දෙනාගේම නෙතට කදුළුක් එක් කරමින්. මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තවත් නිලධාරීන් හත් දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා.

