හෝමාගම කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ එම ගින්නට හසුව ජීවිතක්‍ෂයට පත් වූ පුද්ගලයන් 5 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බවයි. එමෙන්ම ගින්නෙන් හටගත් දුමාරය ආ…
හෝමාගම කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ එම ගින්නට හසුව ජීවිතක්‍ෂයට පත් වූ පුද්ගලයන් 5 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බවයි. එමෙන්ම ගින්නෙන් හටගත් දුමාරය ආග්‍රාහණයවීමෙන් ශ්වසන අපහසුතාවට ලක් වූ කාන්තාවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ගින්නක් හටගෙන ඇති බවට පෙරවරු 9.53 ට පමණ පළමුව තොරතුර ලැබී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවටයි. ඒ අනුව එහි ගිනි නිවීම් රථ 4 ක් ගින්න මැඩපැවැත්වීම සදහා යොමු කර තිබෙනවා. ඉන් අනතුරුව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් රථ දෙකක්, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවිම් රථ 2 ක්, හොරණ නගර සභාවේ ගිනි නිවීම් රථයක් සහ ගුවන් හමුදාවේ ගිනි නිවීම් රථයක් එම ස්ථානයට කැදවු බවයි පොලීසිය පැවසුවේ. මේ වනවිට එම හෙල්ම්ට් කර්මාන්ත ශාලාවේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදුකරන බව ද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

