සොනාල් දිනූෂ සහ පසිඳු සූර්ය බණ්ඩාර වැනි ක්‍රීඩකයන්ගෙන් අනාගතයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් බොහෝ යහපත් දේ බලාපොරොත්තු විය හැකි බව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රතිවාදින්ගේ අනාගත සැලසුම්වලට මුහුණ දීමට මෙවැනි ක්‍රීඩකයන් සූදානම් විය යු…
සොනාල් දිනූෂ සහ පසිඳු සූර්ය බණ්ඩාර වැනි ක්‍රීඩකයන්ගෙන් අනාගතයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් බොහෝ යහපත් දේ බලාපොරොත්තු විය හැකි බව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රතිවාදින්ගේ අනාගත සැලසුම්වලට මුහුණ දීමට මෙවැනි ක්‍රීඩකයන් සූදානම් විය යුතු බවයි. “මං හිතන්නේ සොනාල දිනූෂ විතරක් නෙවෙයි, අපේ පසිඳු ඒ ගත්තහම ඒ ක්‍රීඩකයන් හුඟක් දෙනෙක් ඉන්නවා ඉතාමත් විශිෂ්ට විදියට ක්‍රීඩා කරපු. මං හිතන්නේ ටෙස්ට් මැච් තුනක 303ක් ගහනවා කියන්නේ ඒක 80ක්, 90ක් තව ගහන එක ලේසි දෙයක් නෙවෙයි. ඕනෑම තණතීරුවක, ඕනෑම කණ්ඩායමක් එක්ක, මං හිතන්නේ ඉන්දියන් කණ්ඩායම ආපු ඉතා ශක්තිමත් කණ්ඩායමක්. අපි ගිහිල්ලා එංගලන්තයේ බැලුවා ඒ ඉන්දියන් කණ්ඩායම ගිහිල්ලා සීරීස් එක ඩ්‍රෝ කරා. දිනන්නත් අවස්ථාවක් තිබ්බා. ඉතින් මේ අපි මේ සොනාල, දිනූෂ, අපේ අනිත් ක්‍රීඩකයන් රන්ස් ගැහුවේ මේ එසේ මෙසේ ඇටෑක් එකකට නෙවෙයි, හොඳ ඇටෑක් එකකට. ඒ වගේම ඒ එතනින් ඉස්සරහට යන්න අවශ්‍ය කරන ඒ පහසුකම්, එවුන්ගේ වටේ ඉන්න කට්ටිය, නොනම් අපෙනුත් ඒ සපෝට් එක ඔවුන්ට දෙන්න ඕනේ. ඉතින් මං හිතන්නේ සොනාල, දිනූෂ, පසිඳු, අපේ ඉන්න පන්දු යවන්නන්, ඒ සියලු දෙනාටම තියෙන්නේ හරි, පටන් ගැන්ම හොඳයි, මෙතන ඉඳන් කොහොමද අපි තවත් ඉස්සරහට යන්නේ? මොකද එක සීරීස් එකක් ගැහුවහම අපි සමහරවිට හිතන්න පුළුවන්, රයිට්, අපි හොඳ තැනක ඉන්නේ කියලා. නමුත් ප්‍රතිවාදීනුත් හැම වෙලාවෙම ඉදිරියට යනවා, තමන්ට එරෙහිව ප්ලෑන්ස් ඔක්කොම සැලසුම් කරලා, ඔක්කොම කරලා එන්නේ. ඉතින් එතනට අපි පුරුදු වෙන්න ඕනේ. හැමදාම මම ප්‍රාර්ථනා කරනවා ඔවුන් හැමදාම හොඳයි, හොඳ තත්ත්වයක ඉන්නේ, මෙතනින් ඉස්සරහට යන්නේ කොහොමද, ඉස්සරහට යන්න ඒ සැලසුම, පහසුකම්, අවශ්‍ය සපෝට් එක අපි ලබා දෙන්න ඕනේ. ඒ ඉතිරි දේ ක්‍රීඩකයා කරන්න ඕනේ. නමුත් මං හිතන්නේ ඔවුන් ඉතාම විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්. මං හිතන්නේ ඒකෙන් අපිට හුඟාක් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා මං හිතනවා, ඉදිරියේදීත් මේ ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් දීලා දිගටම පවත්වාගෙන ගියොත්.”

