යුද උණුසුම තවත් තීව්‍ර කරමින් ලෝකයේ ප්‍රධානතම මුහුදු ප්‍රවාහන මාර්ගයක් වන “හෝමුස් සමුද්‍ර සන්ධිය” නැවත වසා දැමීමට ඉරානය පියවර ගෙන තිබෙනවා. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ “කලාපය තුළ සිදුවන ඇමරිකානු මැදිහත්වීම් අවසන් වනතුරු” මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි. තවද, හෝමූස් සන්ධිය වස…
යුද උණුසුම තවත් තීව්‍ර කරමින් ලෝකයේ ප්‍රධානතම මුහුදු ප්‍රවාහන මාර්ගයක් වන “හෝමුස් සමුද්‍ර සන්ධිය” නැවත වසා දැමීමට ඉරානය පියවර ගෙන තිබෙනවා. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ “කලාපය තුළ සිදුවන ඇමරිකානු මැදිහත්වීම් අවසන් වනතුරු” මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි. තවද, හෝමූස් සන්ධිය වසා දැමීමට ගනු ලැබූ මෙම පියවර සම්බන්ධයෙන් ඇමරිකාව කිසියම් හෝ හමුදාමය ක්‍රියාමාර්ගයක් ගතහොත්, ඊට ඉතා දරුණු ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු ඇඟවීමක්ද කර තිබෙනවා. මැදපෙරදිග යුද උණුසුම නැවත තීව්‍ර වූයේ ඕමාන් මුහුදු තීරයේදී, වාණිජ තෙල් නැව් තුනකට ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමගයි. පසුව ඉරාන ඉලක්කයට ඇමරිකාව ප්‍රහාර එල්ල කළ අතර එලෙස කළ අමෙරිකානු ප්‍රහාරවලින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් 115 දෙනෙකු තුවාල ලැබූ බව ඉරාන නිලධාරීන් පවසනවා. අමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානයද ප්‍රහාර සිදු කළ අතර ඒවාට ඉලක්ක වූයේ ගල්ෆ් කලාපයේ ඇමරිකානු හිතවාදී රටවල පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුයි. මේ අතර, ඉරාන ප්‍රහාර හේතුවෙන් දෙපාර්ශවය අතර පැවති සටන්විරාමය අවසන් වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. එහෙත් සාම සාකච්ඡා සඳහා තවදුරටත් අවස්ථාව පවතින බවයි ඔහු පවසන්නේ. කෙසේ වෙතත්, ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තර නාවික ගමනාගමනය සඳහා විවෘතව පවතින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු යැයි ඇමරිකාව මැදිහත්කරුවන් මාර්ගයෙන් දන්වා තිබෙනවා. එසේ තිබියදී දැන් නැවත හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගෙන තිබෙන්නේ. මේ සමග ඉරානයේ නව උත්තරීතර නායක ආයතුල්ලා මොජ්තබා ඛමේනි තවත් ප්‍රබල ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඉරානයේ හිටපු උත්තරීතර නායකයා ද සිය පියාද වන අයතුල්ලා අල් ඛමේනිගේ අවමංගල්‍ය උත්සවය ඉකුත් සිකුරාදා සිදු කෙරුණු අතර එහිදී ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේයි අයතුල්ලා මොජ්තබා ඛමේනි මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කරනු ලැබූයේ. ඇමරිකාව ඇතුළු ඝාතකයන්ගෙන් පළිගැනීම මුළු මහත් ජාතියේම අපේක්ෂාව බව එහිදී ඔහු ප්‍රකාශ කළා. මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ සැලසුමක් ද ඉරානය සතු බවට ඊශ්‍රායල බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. එහෙත් ජනාධිපති ට්‍රම්ප් එම වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු පවසන්නේ තමන් දිගු කලක සිටම ඉරානයේ ඉලක්කයක්ව සිටි බවයි. කෙසේ වෙතත් ඉරානයෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ඉරානයේ සියලුම කලාප විනාශ කර දමන බවට ට්‍රම්ප් අනතුරු ඇඟවීමක්ද කර තිබෙනවා.

