ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර මාලාවක් සාර්ථකව ව්‍යර්ථ කළ බව ඇමෙරිකානු මධ්‍යම බළකාය පවසනවා. එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ හදිසි ප්‍රහාරයක් ලෙසයි. කෙසේ වෙතත්, එල්ල වූ සියලුම ඉරාන මිසයිල ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ ක…
ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර මාලාවක් සාර්ථකව ව්‍යර්ථ කළ බව ඇමෙරිකානු මධ්‍යම බළකාය පවසනවා. එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ හදිසි ප්‍රහාරයක් ලෙසයි. කෙසේ වෙතත්, එල්ල වූ සියලුම ඉරාන මිසයිල ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කිරීමට සමත් වූ බවත්, ඇමෙරිකානු හමුදාව මේ වන විට ඉහළ සූදානමකින් පසුවන බවත් ඇමෙරිකානු මධ්‍යම බළකාය ආයතනය පවසා තිබෙනවා. මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සිදුවීම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කරන්නේ. පසුගිය දිනවල ඉරානය සමඟ පැවැති සාකච්ඡා මිත්‍රශීලී බව ප්‍රකාශ කළ ජනාධිපති ට්‍රම්ප්, ඉරානය සාමය පිළිබඳව අවංක නැතැයි හැඟී ගියහොත් ප්‍රබල හමුදාමය ක්‍රියාමාර්ග ගන්නා බවට ද අනතුරු අඟවා තිබුණා. ඒ අනුව, මෙම මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඇමෙරිකාවෙන් දැඩි හමුදාමය ප්‍රහාරයක් එල්ල වීමේ දැඩි අවදානමක් මතුව ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ධවල මන්දිරයේදී ජනාධිපති ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර ඉරාන තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වී පැය කිහිපයකට පසුව ඉරානය මෙම ප්‍රහාරය එල්ල කිරීම විශේෂත්වයක්. මෙමගින් ඉදිරි ඕනෑම කලාපීය සාකච්ඡාවකදී තමන් අනිවාර්යයෙන්ම නියෝජනය විය යුතු බවට ඉරානය සංඥා කර ඇතැයිද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.L












