ජෝර්දානයට එල්ල වූ ඉරාන බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් අමෙරිකානු සේවා බලකායේ සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. අමෙරිකානු යුද බලධාරීන් පැවසුවේ මෙම ඉරාන ප්‍රහාරයෙන් පසු තවත් සෙබළෙකු අතුරුදන්ව ඇති බවයි. සෙබළුන් 4දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු බවද අමෙරිකානු යුද බලධාරී…

ජෝර්දානයට එල්ල වූ ඉරාන බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් අමෙරිකානු සේවා බලකායේ සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. අමෙරිකානු යුද බලධාරීන් පැවසුවේ මෙම ඉරාන ප්‍රහාරයෙන් පසු තවත් සෙබළෙකු අතුරුදන්ව ඇති බවයි. සෙබළුන් 4දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු බවද අමෙරිකානු යුද බලධාරීන් කියා සිටියා. ​මේ අතර, ජෝර්දාන ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය පරිදි ඊයේ රාත්‍රියේත් ඉරානයට එරෙහිව අමෙරිකාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අමෙරිකාව මෙලෙස ඉරානයට ප්‍රහාර එල්ල කළේ පිට පිට අටවැනි දිනටයි. ​ හෝමුස් සමුද්‍ර සන්ධියේ වාණිජ නෞකාවලට ඉරානයෙන් එල්ල වන තර්ජන මැඩපැවැත්වීමට සහ අමෙරිකානු සෙබළුන්ට ප්‍රහාර එල්ල කළ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට ක්ෂණික දඬුවම් දීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බවයි අමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය කියා සිටියේ. ​පසුගිය ජුනි මාසයේදී අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාම ගිවිසුම, ඉකුත් ජූලි 8 වැනිදා බිඳ වැටීමත් සමඟ දෙරට අතර ගැටුම් යළිත් දරුණු අතට හැරී තිබෙනවා. ඉරාන වරායන් වෙත අමෙරිකාව පැනවූ අවහිරතාවලට ප්‍රතිචාර ලෙස ඉරානයද ලෝක තෙල් ප්‍රවාහනයෙන් පහෙන් පංගුවක් සිදුවන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ​මෙම තත්ත්වය හමුවේ ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා ඛමේනි ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ අත්සනට කිසිදු වටිනාකමක් හෝ විශ්වාසවන්තභාවයක් නොමැති බවයි. එමෙන්ම අමෙරිකාවට මෙවර අමතක නොවන පාඩමක් උගන්වන බවටද ඔහු අනතුරු අඟවා තිබෙනවා. එසේ තිබියදී ​පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ සහ ලොව පුරා වෙසෙන අමෙරිකානු පුරවැසියන්ට දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් පසුවන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ සංචාරක උපදේශනයක්ද නිකුත් කර තිබෙනවා.