කන්තලේ – සේරුනුවර මාර්ගයේ පෝටන්කාඩු ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ කන්තලේ දෙසට ධාවනය වූ ටිපර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරු කන්තලේ රෝහලට ඇතුලත්…
කන්තලේ – සේරුනුවර මාර්ගයේ පෝටන්කාඩු ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ කන්තලේ දෙසට ධාවනය වූ ටිපර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරු කන්තලේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 34 ක් වූ ඔහු පස්යාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර අඟුරුවැල්ල – වරකාපොල මාර්ගයේ ලෙවංගම ප්‍රදේශයේ සිදුවූ තවත් අනතුරකින් ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ වරකාපොල දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගය හරහා ගමන් කල පදික කාන්තාවකගේ ගැටී එම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාව කරවනැල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

