විහාරාධිපති නල්ලූරුවේ සුමනසාර හිමිඉවක් බවක් නැති වැලි කැපීමෙන්දකුණු ඉවුරේ වැලි කන්ද ඉවත් කරලා ඉස්සර තිබුණු ආකාරයටම දැදුරුඔයට ගලාගෙන යන්න ඉඩ දෙන්නදායක සභාවේ සාමාජික එම්.එම්. ජයවර්ධනදැදුරු හලාවත – ආරියගම පුරාණ චේතීය රාජ මහා විහාරය දැදුරුඔයට බිලිවීමේ අවදානමක් පසුගිය කාලයේ ඉවක් බවක්…
විහාරාධිපති නල්ලූරුවේ සුමනසාර හිමිඉවක් බවක් නැති වැලි කැපීමෙන්දකුණු ඉවුරේ වැලි කන්ද ඉවත් කරලා ඉස්සර තිබුණු ආකාරයටම දැදුරුඔයට ගලාගෙන යන්න ඉඩ දෙන්නදායක සභාවේ සාමාජික එම්.එම්. ජයවර්ධනදැදුරු හලාවත – ආරියගම පුරාණ චේතීය රාජ මහා විහාරය දැදුරුඔයට බිලිවීමේ අවදානමක්
පසුගිය කාලයේ ඉවක් බවක් නොමැතිව දැදුරුඔයේ වැලි කැපීම හේතුවෙන් දැදුරු ඔයේ ගලා බස්නා ස්වාභාවික ගමන් මාර්ගය අවෙනස් වීම නිසා හලාවත – ආරියගම පුරාණ චේතිය රාජ මහා විහාරස්ථානය විනාශයට පත් වෙමින් පවතින බව විහාරාධිපති පූජ්‍ය නල්ලූරුවේ සුමනසාර හිමියෝ පවසති. පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විහාරාධිපති හිමියෝ මෙසේද පැවසූහ.
පසුගිය කාලය පුරාවට දැදුරුඔයේ වැලි කැපීම සීමාවක් නෙැමැතිව සිදුවුණා. මේ නිසා දැඩි වර්ෂා කාලයට ඔයේ ස්වභාවික ගමන් මාර්ගය වෙනස් වුණා. උතුරු දෙස ඉවුරේ විශාල අන්දමින් වැලි කඳු නිර්මාණය වෙලා. ඒ නිසා මොකද වෙන්නේ ඔයේ දකුණු ඉවුර බිඳ ගෙන ඔය ගලනවා. ඒකෙ ප්‍රතිඵලයක් තමයි ස්වභාවික ගමන් මාර්ගය වෙනස් වීම. දැන් මේ සිදුවන හානිය නිසා පුරාණ චෛත්‍යයේ කොටසක් දැදුරුඔයට බිළි වෙලා. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අදාළ බලධාරීන් දැනුවත් කළ නිසා යාන්තම් කළු ගල්, වැලි කොට්ට යොදලා චෛත්‍ය යම් තරමකින් බේරාගන්න පුළුවන් වුණා. හැබැයි මේ පවතින තත්ත්වයට කඩිනමින් විසඳුමක් ලබා නොදුන්නොත් චෛත්‍ය වගේම මුළු පන්සල් වත්තම දැදුරුඔයට බිළිවෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මොකද දැන් පවතින කාලගුණ තත්ත්වය වේගයෙන් වෙනස් වෙනනවා. අනිත් එක කිසිදු කැණීමක් හෝ අළුත් ඉදිකිරීමක් අපිට කරන්න බෑ.
මොකද මෙම විහාරස්ථාන භූමිය දැන් අයිති පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට. ඉතින් මම මේ පවතින තත්ත්වය පිළිබඳව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට කීප අවස්ථාවකම කිව්වා. නමුත් කණගාටුයි කියන්න කිසිම කෙනෙක් මේ සිදුවන විනාශය ගැන හොයලා බලන්න අඩුම තරමින් ඇවිත් ගියේවත් නෑ. කඩිනමින් මේ ගැන අවධානය යොමුකරලා සිදුවන ඒ වගේම සිදුවන්නට යන විනාශයට විසඳුමක් ලබා නොදුනහොත් පුරාණ චේතීය රාජ මහා විහාරස්ථාන භූමිය සම්පූර්ණයෙන්ම දැදුරුඔයට බිළිවීම නවත්වන්න බෑ.
දුටුගැමුණු රජ සමයේ නන්දමිත්‍ර යෝධයා විසින් හලාවත, පල්ලම යන ප්‍රදේශවල විහාරස්ථාන ඉදිකර ඇති බවට සඳහන්. ඒ අතරින් ප්‍රධාන විහාරස්ථාන දෙක ලෙස පල්ලම නන්දමිත්‍ර විහාරස්ථානය සහ ආරියගම චේතීය රාජ මහා විහාරස්ථානය හැදින්වේ. පුරාණ චේතීය රාජ මහා විහාරස්ථාන භූමියේ දැදුරු ඔය ආසන්නයෙන් ගරා වැටී තිබෙන චෛත්‍යයක්ද දක්නට ඇති අතර, පුරාණ නටබුන් කීපයක්ම මෙම විහාරස්ථාන භූමිය තුළ දක්නට ඇත. විහාරස්ථාන භූමියේ තිබූ නටබුන් රැසක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රැගෙන ගොස් ඇති බවයි ගම්වාසීන් කියන්නේ. මෙම විහාරස්ථාන භූමිය වසර දෙකකට පමණ පෙර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරා ගෙන සීමා මායිම්ද යොදා ඇත.
ආරියගම පුරාණ චේතීය රාජ මහා විහාරස්ථානයේ දායක සභාවේ සාමාජික එම්.එම්.ජයවර්ධන මහතා මේ සම්භන්ධව අදහස් දක්වමින්…….
“අපිට ගමේ පන්සල වටිනවා. ඒ නිසයි පන්සල රැකගන්න අපි මේ තරම් මහන්සි වෙන්නේ. මීට අවුරුදු කීපයට කලින් දැදුරුඔය ගලා ගෙන ගියේ මීටර් 500 ක් විතර ඈතින් වෙන්න. නමුත් දැන් එන්න එන්නම දකුණු ඉවුර ඛාදනය වෙමින් පන්සල් වත්ත දිය කරන්න පටන් අරගෙන. කළ යුතු එකම දෙය වන්නේ දකුණු ඉව්රේ තියන වැලි කන්ද ඉවත් කරලා අතීතයේ තිබුණු ආකාරයටම දැදුරුඔයට ගලා ගෙන යන්න ඉඩ දෙන එකයි. එතකොට මේ පන්සලට කිසිම හානියක් වෙන්නේ නෑ.” දායක සභාවේ සාමාජික එස්.ඒ. විපුල ධර්මප්‍රිය මහතා
“අවුරුද්දකට වතාවක්, දෙවතාවක් දැදුරුඔය පිටාර ගලන විට අපේ ගම ජලයෙන් යට වෙනවා. මේ පන්සල් වත්තේ රජය විසින් හදපු දෙමහල් ධර්ම ශාලාවක් තිබෙනවා. දැදුරුඔය පිටාර ගලන විට ගමේ සේරම ඇවිත් ආරක්ෂාවට නතර වෙන්නේ ඔය කියන දෙමහල් ධර්ම ශාලාව තුළ.
අපි ධර්ම ශාලාවේ ඉන්න කාලය තුළ හාමුදුරුවෝ ගමේ අයට කන්න බොන්න දීලා ආරක්ෂා කර ගන්නවා. මේ පවතින තත්ත්වය අනුව නම් ඉදිරි වැසි ඇවිත් දැදුරුඔය පිටාර ගැළුවොත් අනිවාර්යෙන්ම පන්සල් වත්තට හානි වෙනවා. එතකොට පන්සල් වත්තේ තියන පුරාණ චෛත්‍යය, විහාර ගේ, ධර්ම ශාලාව, බෝ මළුව ඇතුළු සියල්ලම විනාශ වෙනවා.මාරවිල සමූහ – මිහිර විජේසේකර

