රොතස්සයිඩ් වතුයායේ හින්දු කෝවිලේ කාවඩි උත්සවයකට බඹර ප්‍රහාරයක් පුස්සැල්ලාව පොලිස් වසමට අයත් රොතස්සයිඩ් වතුයායේ හින්දු කෝවිලේ පැවති උත්සවයක, කාවඩි උත්සවයකට බඹරුන් පහර දීම නිසා කටු ගසා තිබූ තම දරුවා බේරා ගැනීමට එම දරුවාගේ මව සහ පියා ජීවිතය පරදුවට තබා කටයුතු කරන අයුරු අසල ගාල් කර ත…

රොතස්සයිඩ් වතුයායේ හින්දු කෝවිලේ කාවඩි උත්සවයකට බඹර ප්‍රහාරයක්

පුස්සැල්ලාව පොලිස් වසමට අයත් රොතස්සයිඩ් වතුයායේ හින්දු කෝවිලේ පැවති උත්සවයක, කාවඩි උත්සවයකට බඹරුන් පහර දීම නිසා කටු ගසා තිබූ තම දරුවා බේරා ගැනීමට එම දරුවාගේ මව සහ පියා ජීවිතය පරදුවට තබා කටයුතු කරන අයුරු අසල ගාල් කර තිබූ ලොරි රථයක සිටි පුද්ගලයකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර සමාජ මාධ්‍යට මුදාහැර ඇත.

එදින පස්වරු 3:00ට පමණ පරවකාවඩි උත්සවයේ තරුණයාට කටු ගසා තිබිය දී අසල ගසක බැඳ තිබූ බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී කෝවිලේ සිටි පිරිසට පහර දීමත් සමග එම පිරිස පලා ගිය අතර ඒ අසල සිටි තරුණයාගේ මව්පියන් තම ජීවිතය පරදුවට තබා ඔවුන් දෙදෙනාට බඹරුන් පහර දෙද්දී සිය දරුවා පරව කාවඩි සඳහා ගැටගසා තිබූ කඹයෙන් සහ කටුවලින් මුදා ගෙන පුස්සැල්ලාව රෝහලට ඇතුළත් කර ඇත.

එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටින්නේ පරව කාවඩි උත්සවයේ යම් අතපසු වීමක් නිසා කෝප වූ දෙවියන් මෙම දඬුවම ලබා දී ඇති බවයි.නුවරඑළිය – නාලක රත්නායක