ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පයාගල, කටුකුරුන්ද ප්‍රදේශයේ අද අළුයම සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයක ගමන් ගත් මිත්තණියක් සහ අවුරුදු 12 ක පිරිමි දරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එම ත්‍රීරෝද රථයේ සිටි තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි එම ස්ථානයේ රැදි සිටින නෙත් නිවුස් වාර්…

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පයාගල, කටුකුරුන්ද ප්‍රදේශයේ අද අළුයම සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයක ගමන් ගත් මිත්තණියක් සහ අවුරුදු 12 ක පිරිමි දරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එම ත්‍රීරෝද රථයේ සිටි තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි එම ස්ථානයේ රැදි සිටින නෙත් නිවුස් වාර්තාකරු සම්පත් කුලරත්න පැවසුවේ. ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රථය පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක ගැටී එම අනතුර සිදුව තිබෙනවා. අනතුරට ලක්ව ඇත්තේ කළුතර දුවේ පන්සල පාර ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසක්. ඔවුන් බේරුවල ප්‍රදේශයේ පොසොන් සිරි නරඹා යළි නිවස බලා පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.