අනුරාධපුර, තම්මැන්නාකුලම් ප්‍රදේශයේදි කේරළ ගංජා තොගයක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, උතුරු මැද පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. ඒ අනුව සැකකරු සන්තයේ තිබී කේරළ ගංජා කිලෝ 12යි ග්‍රෑම් 320 ක් සොයා ගෙන තිබෙන…

අනුරාධපුර, තම්මැන්නාකුලම් ප්‍රදේශයේදි කේරළ ගංජා තොගයක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, උතුරු මැද පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. ඒ අනුව සැකකරු සන්තයේ තිබී කේරළ ගංජා කිලෝ 12යි ග්‍රෑම් 320 ක් සොයා ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ තම්මැන්නාකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු වැඩිදුර විමර්ශන සදහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.