දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මෙ’ නැමැත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ ‘මාටියා’ නැමැති පාතාල සාමාජිකයා මැලේසියාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (25) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා. මෙසේ පිටුවහල් කර ඇත්තේ බෝඹුවල…
දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මෙ’ නැමැත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ ‘මාටියා’ නැමැති පාතාල සාමාජිකයා මැලේසියාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (25) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා. මෙසේ පිටුවහල් කර ඇත්තේ බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් ‘මාටියා’ නැමැති 42 හැවිරිදි අයෙක්. කොටුගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනද (Red Notices) මින් පෙර නිකුත් කර තිබෙනවා. මොහුට එරෙහිව ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ 2022 වසරේ ජූලි 22 වනදා ගම්පහ අධිකරණ පරිශ්‍රය තුළදී සිදුකළ ද්විත්ව ඝාතනයයි. එහිදී ‘පස්පොඩ්ඩා’ නැමැති සංවිධානාත්මක අපරාධකරු සහ ඔහු සමඟ සිටි තවත් අයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමටත්, එහි රැඳී සිටි තවත් පිරිසකට වෙඩි තබා තුවාල සිදුකිරීමටත් මොහු සෘජුවම සම්බන්ධ වී ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

