කිරිබත්ගොඩ, දික්පිටිගොඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ කල වැටලිමකදියි. එහිදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 6 ග්‍රෑම් 96ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 70ක් හා මත්පෙති 5,000ක් ද…

කිරිබත්ගොඩ, දික්පිටිගොඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ කල වැටලිමකදියි. එහිදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 6 ග්‍රෑම් 96ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 70ක් හා මත්පෙති 5,000ක් ද සොයා ගැනුනා. අත්අඩංගුවට ගත් සැකකරු දික්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර ඊයේ දිනයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. එහිදී සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18 ග්‍රෑම් 716ක් මෙන්ම විද්‍යුත් තරාදියක්ද පොලිස් භාරයට ගැනුනා. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අවුරුදු 26ක් වූ පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ මෙහෙයවීම මත දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීම හා ජාවාරම් කිරීම සඳහා රැගෙන විත් ඇති බවයි. ඒ අනුව සැකකරුව අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළා.