කියවීම ප්‍රවර්ධනය කෙරෙන මහනුවර පොත් දැක්ම අද ආරම්භ වුණා. ලබන පස්වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර්හිදී මෙම පොත් දැක්ම පැවැත්වෙනවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් පවත්වනු ලබන මහනුවර පොත් දැක්ම මෙවර පැවැත්වෙන්නේ 19 වන වරට බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ උප සභාපත…

කියවීම ප්‍රවර්ධනය කෙරෙන මහනුවර පොත් දැක්ම අද ආරම්භ  වුණා. ලබන පස්වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර්හිදී මෙම පොත් දැක්ම පැවැත්වෙනවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් පවත්වනු ලබන මහනුවර පොත් දැක්ම මෙවර පැවැත්වෙන්නේ 19 වන වරට බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ උප සභාපති කපිල එස් වික්‍රමසිංහ මහතා පැවසුවේ. එම සංගමයේ සියළුම ප්‍රකාශකයින් මහනුවර පොත් දැක්මට එක් වනවා. විශේෂ වට්ටම් සහිතව නවතම කෘති රැසක් මෙහිදී එළිදැක්වීමට නියමිතයි. එහිදි සංස්කෘති අංග කිහිපයක්, කතෘ – පාඨක හමුවීම් සහ පොත් පිළිබද විශේෂ පිළිසඳර වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක වනවා. මහනුවර පොත් දැක්මේදී පෙර පාසල් දරුවාගේ සිට වැඩිදුර අධ්‍යාපන ලබන සිසුන්ට මෙන්ම පොතපතට ආදරය කරන වැඩිහිටියන් අවශ්‍ය පොත් මිලදී ගැනීමට අවස්ථාව පවතිනවා. ඒ අනුව මෙම අනගි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ උප සභාපති කපිල එස් වික්‍රමසිංහ මහතා මධ්‍ය පළාතේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ. මෙවරත් මහනුවර පොත් දැක්ම සදහා නෙත් එෆ් එම් රේඩියෝව නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා.