කැළණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි තත්ත්වය මේ වනවිට නිරාකරණය කර තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මීට නොබෝ වේලාවකට පෙර ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව එම කටයුතු සිදුකළ බවයි. ඒ අනුව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශය පරිදි ජලය යළි…

කැළණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි තත්ත්වය මේ වනවිට නිරාකරණය කර තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මීට නොබෝ වේලාවකට පෙර ප්‍රකාශ කළේ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව එම කටයුතු සිදුකළ බවයි. ඒ අනුව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශය පරිදි ජලය යළි බෙදාහැරීම සදහා අවශ්‍ය ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රසායනාගාර පරීක්‍ෂණ සිදුකර නියමිත තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කිරීමෙන් අනතුරුව ජලය යළි බෙදාහැරීම සදහා කටයුතු සිදුකර තිබෙනවා. ජල පවිත්‍රාගාර ආශ්‍රිත ප්‍රදේශ වෙත ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවා. එහෙත් බත්තරමුල්ල, කෝට්ටේ, පාමංකඩ සහ නුගේගොඩ වැනි ප්‍රදේශ ආශ්‍රිතව ජල සැපුයම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වීමේදි යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවා.