ලංකා ට්‍රැක්ටස් සමාගමේ විශිෂ්ටතම නිෂ්පාදනයක් වන ACE ට්‍රැක්ටරයේ අලෙවි ජාලය තවදුරටත් පුළුල් කෙරෙමින් තිබෙනවා. එහි එක් පියවරක් ලෙස කොළඹ 11, ඕල්කට් මාවතේ අංක 343 දරන ස්ථානයේ පිහිටි ලංකා ට්‍රැක්ටස් සමාගමේ මුල් ප්‍රදර්ශනාගාරය නැවත විවෘත කිරීමද සිදුවුණා. ACE ට්‍රැක්ටරය නිෂ්පාදනය කර ඇත…
ලංකා ට්‍රැක්ටස් සමාගමේ විශිෂ්ටතම නිෂ්පාදනයක් වන ACE ට්‍රැක්ටරයේ අලෙවි ජාලය තවදුරටත් පුළුල් කෙරෙමින් තිබෙනවා. එහි එක් පියවරක් ලෙස කොළඹ 11, ඕල්කට් මාවතේ අංක 343 දරන ස්ථානයේ පිහිටි ලංකා ට්‍රැක්ටස් සමාගමේ මුල් ප්‍රදර්ශනාගාරය නැවත විවෘත කිරීමද සිදුවුණා. ACE ට්‍රැක්ටරය නිෂ්පාදනය කර ඇත්තේ ශ්‍රී ලාංකික ගොවි බිම් වලට සහ ගොවීන්ගේ අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන පරිදියි. ලංකා ට්‍රැක්ටස් 1971 දී ආරම්භ වූ සමාගමක්. මුලදී රාජ්‍ය ට්‍රැක්ටර් සංස්ථාව ලෙස ස්ථාපිත කෙරුණු එය 1991දී ලංකා ට්‍රැක්ටස් ලෙස ප්‍රතිව්‍යුහගත කෙරුනා. 2025 වසර අග භාගයේදී ඔවුන් ප්‍රමුඛ පෙළේ ඉන්දීය සමාගමක් වන Action Construction Equipment හි කෘෂි අංශය සමග හවුල්කාරීත්වයකට එළඹි අතර ACE සන්නාමය යටතේ ට්‍රැක්ටරයක් නිෂ්පාදනය කෙරෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. මේ අතර ගොවීන්ට කෘෂි උපකරණ පහසුවෙන් ලබාගත හැකි වන පරිදි Asian Assets Finance සමග සහයෝගයෙන් ගොවීන්ට කල් බදු පහසුකම් සැලසුම් කර දීමටද ලංකා ට්‍රැක්ටස් කටයුතු කරනු ඇති. ට්‍රැක්ටර් මෙන්ම ඒවායේ අමතර කොටස් ද ගොවීන්ට පහසුවෙන් ලබාගත හැකි වන පරිදි රට පුරා බෙදාහැරීම් ජාලය පුළුල් කිරීමට ලංකා ට්‍රැක්ටස් පියවර ගෙන තිබෙනවා.

