අසනීප නිවාඩු වාර්තා කර අද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනජීවි නිලධාරීන් කොළඹට පැමිණ සිටිනවා. සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් ඔවුන් අද මෙලෙස වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක නිරත වනවා. ඊට සිය විරෝධය…

අසනීප නිවාඩු වාර්තා කර අද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනජීවි නිලධාරීන් කොළඹට පැමිණ සිටිනවා. සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් ඔවුන් අද මෙලෙස වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක නිරත වනවා. ඊට සිය විරෝධය පළ කිරීම සඳහායි එම නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් සිදුකිරීමට පැමිණ සිටින්නේ. සමස්ථ ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්දික පීරිස් මහතා පැවසුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්තනෝමතික ලෙස ක්‍රියා කරමින් වර්තමානයේ සේවය කරන සියලුම නිලධාරීන්ට අගතියක් වන අයුරින් නව බඳවා ගැනීම් සිදු කිරීමට උත්සාහ කරන බවයි. තමන් විරෝධය දක්වන්නේ මෙම බඳවා ගැනීම් සඳහා නොව බඳවා ගන්නා ක්‍රමවේදයේ තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් බවද ඔහු කියා සිටියා. කෙසේ වෙතත් නෙත් නිවුස් කළ විමසීමකදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා පැවසුවේ එම නිලධාරීන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් ඕනෑම අවස්ථාවක සුදානම් බවයි. කෙසේවෙතත් ඔවුන්ගේ ඉල්ලිම්වලට එකවර විසදුමක් ලබාදිය නොහැකි බවද වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවා.