ආයතනික පුරෝගාමිත්වයෙන් දියත් කෙරුණු ශ්‍රී ලංකාවේ විශාලතම මානුෂීය ව්‍යාපෘතිය වන LOLC දිවි සවිය, එක්සත් රාජධානියේ හරිත සංවිධානයේ අනුබද්ධිත ආයතනික සමාජ වගකීම් සමාජය (The CSR Society) විසින් සංවිධාන කරන ලද ප්‍රජා කැපවීම සඳහා වූ 2026 ජාත්‍යන්තර ආයතනික වගකීම් විශිෂ්ටතා සම්මාන උළෙලේදී…
ආයතනික පුරෝගාමිත්වයෙන් දියත් කෙරුණු ශ්‍රී ලංකාවේ විශාලතම මානුෂීය ව්‍යාපෘතිය වන LOLC දිවි සවිය, එක්සත් රාජධානියේ හරිත සංවිධානයේ අනුබද්ධිත ආයතනික සමාජ වගකීම් සමාජය (The CSR Society) විසින් සංවිධාන කරන ලද ප්‍රජා කැපවීම සඳහා වූ 2026 ජාත්‍යන්තර ආයතනික වගකීම් විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි කරගනු ලැබීය.
ජාතියේ වඩාත්ම අභියෝගකාරී කාල පරිච්ඡේදවලදී ශ්‍රී ලංකාව පුරා ප්‍රජාවන් නඟා සිටුවීම උදෙසා එහි තිරසාර කැපවීම මෙම පිළිගැනීම තුළින් තහවුරු කරයි.
LOLC දිවි සවිය, එහි වඩාත් පුළුල්ව පැතිරුණු මානුෂීය සහ සමාජීය බලපෑම වෙනුවෙන් ගෝලීය ආයතනික වගකීම් ප්‍රමුඛයන් අතර ගෞරවයට පාත්‍ර වීම විශේෂයෙන් කැපී පෙනේ. 2026 ජුනි 1 වැනිදා ලන්ඩනයේ ඓතිහාසික ශාන්ත පාවුළු ප්‍රධාන දෙව්මැදුරේ පැවති සම්මාන උළෙලේදී LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා සහ LOLC සමූහයේ අධ්‍යක්ෂ නිවේන් නානායක්කාර මහතා සම්මානය පිළිගනු ලැබීය.
LOLC සමූහයේ අධ්‍යක්ෂ නිවේන් නානායක්කාර මහතා, එක්සත් රාජධානියේ ශාන්ත පාවුළු ප්‍රධාන දෙව්මැදුරේ පැවති සම්මාන උළෙලට සහභාගී වෙමින්.
මෙම සම්මානයේ සුවිශේෂතාව පිළිබඳව අදහස් දැක්වූ, හරිත සංවිධාන සහ ජාත්‍යන්තර ආයතනික සමාජ වගකීම් විශිෂ්ටතා සම්මාන උළෙලේ (The Green Organisation and the International CSR Excellence Awards) නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී රොජර් වොලෙන්ස් මහතා මෙසේ පැවසීය, මෙම සම්මානවල වටිනාකම මැනිය හැකි ආකාර බොහොමයකි. එමඟින් ඔවුන් සේවය කරන ප්‍රජාවන්ට පමණක් නොව ඒවා ක්‍රියාත්මක කරන සංවිධානවලටද නියත වශයෙන්ම ප්‍රතිලාභ හිමිකර දෙයි. පෞද්ගලික සමාගම්, ව්‍යාපාර වර්ධනය ගැන පමණක් නොව, සමාජය ගැනත් සැබවින්ම සැලකිලිමත් වන බවත්, ලෝකයේ ජන ප්‍රජාවන් වෙනුවෙන් වඩාත් යහපත් ස්ථානයක් බවට පත් කිරීම සඳහා ආයෝජනය කිරීමට ඔවුන් කැමැත්තෙන් සිටින බවත් එමඟින් පිළිබිඹු කෙරේ. මෙම ව්‍යාපෘති හරහා අත්කරගත් ජයග්‍රහණ සැබවින්ම විශිෂ්ට වේ. LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා මෙසේ පැවසීය, මෙම ජාත්‍යන්තර පිළිගැනීම අපගේ කොටස් හිමියන්ගේ ත්‍යාගශීලීත්වය, කැපවීම සහ ඔවුන් විසින් ස්ථාපිත කරන ලද LOLC සමූහය පුරා පැතිරුණු සුවිශේෂී සංස්කෘතියට උපහාරයකි. එමෙන්ම එය ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අපගේ කාර්ය මණ්ඩලය දරන ලද විශිෂ්ට වගකීම සහ නොසැලෙන කැපවීම පිළිගැනීමක්ද වේ.”

