මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත් වුණා. ඒ, ස්වීඩනය සමග පැවති තරගය ගෝල 3 ට බින්දුවක් ලෙස ජයගනිමින්. එහිදි ප්‍රංශයේ සුපිරි ක්‍රීඩක කිලියන් එම්බාපේ ගෝල ද්විත්වයක් වාර්තා කළා. මේ අතර, ලෝක කුසලාන පිළිමලුන් පිටුදැකීමේ අදියර…

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත් වුණා. ඒ, ස්වීඩනය සමග පැවති තරගය ගෝල 3 ට බින්දුවක් ලෙස ජයගනිමින්. එහිදි ප්‍රංශයේ සුපිරි ක්‍රීඩක කිලියන් එම්බාපේ ගෝල ද්විත්වයක් වාර්තා කළා. මේ අතර, ලෝක කුසලාන පිළිමලුන් පිටුදැකීමේ අදියරේ වැඩිම ගෝල රැස් කළ ක්‍රීඩකයා බවටද කිලියන් එම්බාපේ පත් වුණා. ඒ අනුව පාපන්දු දැවැන්තයින් වන ලියොනිදාස්, රොනාල්ඩෝ සහ පේලේ වැනි සුපිරි ක්‍රීඩකයින් අභිබවා එම්බාපේ ගෝල 10ක් ලබාගනිමින් ඉදිරියෙන් පසු වනවා. මේ අතර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 32 දෙනාගේ වටය යටතේ 5වන තරගය ඊයේ පැවැත්වුණේ අයිවරි කෝස්ට් රාජ්‍ය සහ නෝර්වේ කණ්ඩායම් අතරයි. තරගයේ පළමු අර්ධයේ අවසානයට ආසන්න වනතුරුම ගෝල රැස්කිරීමට කණ්ඩායම් දෙකම සමත්වුණේ නැහැ. කෙසේවෙතත් පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු 6කට පෙර 39වැනි මිනිත්තුවේදී නෝර්වේ වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට අන්තෝනියෝ නූසා සමත් වුණා. ඒ අනුව, තරගයේ පළමු අර්ධය නිමා වුණේ ගෝල 1 ට 0ක් ලෙස නෝර්වේ කණ්ඩායමට පෙරමුණ හිමිකරදෙමින්. තරගයේ දෙවන අර්ධය අවසන් වීමට මිනිත්තු 4කට පෙර ඒරලින් හාලන්ඩ් නෝර්වේ වෙනුවෙන් දෙවන ගෝලය රැස්කලේ නෝර්වේ කණ්ඩායම අවසන් දෙනාගේ වටයට කැඳවා යමින්. ඒ අනුව ගෝල 2 ට 0ක් ලෙස තරගයේ ජය නෝර්වේ කණ්ඩායම හිමිකරගත්තා. නෝර්වේ කණ්ඩායම එම වටයේදී බ්‍රසීලය සමඟ තරග වදිනු ඇති.