2026 පාපන්දු ලෝක ශූරයන් ලෙස ස්පාඤ්ඤය අද අලුයම කිරුළු දැරුවා. ඔවුන් පාපන්දු ලෝක කුසලානය දිනාගත් දෙවන අවස්ථාවද මෙයයි. අවසන් මහා තරගයේදී ඉතා උද්වේගකර තරගයකින් පසු ලියොනෙල් මෙසී ප්‍රමුඛ ප්‍රබල ආජන්ටිනාව ගෝල 1 ට 0 ක් ලෙස පරාජය කරමින් ස්පාඤ්ඤය මෙම ජයග්‍රහණය හිමිකර ගත්තා. වාර්තා වූ එකම…
2026 පාපන්දු ලෝක ශූරයන් ලෙස ස්පාඤ්ඤය අද අලුයම කිරුළු දැරුවා. ඔවුන් පාපන්දු ලෝක කුසලානය දිනාගත් දෙවන අවස්ථාවද මෙයයි. අවසන් මහා තරගයේදී ඉතා උද්වේගකර තරගයකින් පසු ලියොනෙල් මෙසී ප්‍රමුඛ ප්‍රබල ආජන්ටිනාව ගෝල 1 ට 0 ක් ලෙස පරාජය කරමින් ස්පාඤ්ඤය මෙම ජයග්‍රහණය හිමිකර ගත්තා. වාර්තා වූ එකම ගෝලය ස්පාඤ්ඤය විසින් ලබාගත්තේ තරගයේ අතිරේක කාලයේදීයි. අතිරේක කාලය ආසන්නයේදී ආර්ජන්ටිනා ක්‍රීඩක එන්සෝ ෆර්නැන්ඩස් වෙත රතු කාඩ් පතක් නිකුත් කෙරුනු අතර ඒ නිසා ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදුවුණ. එය ආජන්ටිනා කණ්ඩායමට ප්‍රබල පාඩුවක් වූ බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ. අනතුරුව තරගයේ 106 වැනි මිනිත්තුවේදී ස්පාඤ්ඤ ක්‍රීඩක ෆෙරෑන් ටොරස්, ආර්ජන්ටිනා දැල් රකින්නා අන්දමන්ද කරමින් තරගයේ එකම ගෝලය වාර්තා කළා. මේ ජයග්‍රහණයත් සමඟ ලෝක පාපන්දු ඉතිහාසයේ එකම කාලයකදී පිරිමි සහ කාන්තා ලෝක කුසලාන දෙකම ජයග්‍රහණය කළ පළමු රට බවට ද ස්පාඤ්ඤය වාර්තාවල ලියැවෙනවා. මේ අතර තරගය නැරඹීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පැමිණ සිටීම විශේෂත්වයක්. තරගයේ විවේක කාලයේදී මැඩෝනා සහ ජස්ටින් බීබර් වැනි ලෝක ප්‍රකට ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් විචිත්‍ර සංදර්ශනයක් ද පැවැත්වුනා. මේ නිසා සාමාන්‍යයෙන් විනාඩි 15ක් වන තරගයේ විවේකය විනාඩි 27ක් දක්වා දීර්ඝ කිරීමටද සංවිධායකයන් කටයුතු කර තිබුණා. මෙවන විට 39 වැනි වියේ පසුවන ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියොනෙල් මෙසීගේ අවසන් ලෝක කුසලාන තරගය ද මෙය වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. එහෙත් ස්පාඤ්ඤ පසුපෙළ ක්‍රීඩකයන්ගේ දැඩි බාධා කිරීම් නිසා මෙසීට මෙම තරගයේදී සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. මෙසී ඇතුළු ආර්ජන්ටිනා කණ්ඩායම පිටියෙන් ඉවත්ව ගියේ සංවේදීව සහ කඳුළු පිරී දෙනෙතින්.

