මාදු ගඟේදී ඔරුවකට එල්ල වූ කිඹුල් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එම පුද්ගලයා සිය මිතුරෙකු සමග අම්බලන්ගොඩ, වතුගෙදර ප්‍රදේශයෙන් ඔරුවක නැග මාදු ගගේ මසුන් මැරීමට ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. එහිදි කිඹුලෙකු එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ඔරුව පෙරළි ගොස් තිබෙනව…

මාදු ගඟේදී ඔරුවකට එල්ල වූ කිඹුල් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එම පුද්ගලයා සිය මිතුරෙකු සමග අම්බලන්ගොඩ, වතුගෙදර ප්‍රදේශයෙන් ඔරුවක නැග මාදු ගගේ මසුන් මැරීමට ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. එහිදි කිඹුලෙකු එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ඔරුව පෙරළි ගොස් තිබෙනවා. ඒ අනුව අදාළ පුද්ගලයා දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි අම්බලන්ගොඩ පොලිසිය පැවසුවේ. වයස අවුරුදු 32ක් වූ ඔහු වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා. ඔහු සමග ඔරුවේ සිටි අනෙක් පුද්ගලයා දිවි බේරාගෙන තිබෙනවා. The post මාදු ගඟේ ඔරුවකට කිඹුල් ප්‍රහාරයක් – පුද්ගලයෙකු මරුට appeared first on Neth News.