ශාරීරික වශයෙන් සෑදෙන රෝග ද මානසිකව සෑදෙන රෝග ද මනස රෝගී කරවයි. ශාරීරික රෝගයක් වර්ධනය වී මානසික තත්ත්වයට පත්වන අවස්ථා ද තිබෙනවා. ඒ වාගේම මානසික රෝගයක් වර්ධනය වී ශාරීරික රෝගයක් බවට පත්වන අවස්ථා ද තිබෙනවා. මෙවැනි රෝග මූලයන් හඳුනාගැනීම තමයි මූලික අවස්ථාව වන්නේ. මෙවන් අවස්ථාවල රෝගියා…

ශාරීරික වශයෙන් සෑදෙන රෝග ද මානසිකව සෑදෙන රෝග ද මනස රෝගී කරවයි. ශාරීරික රෝගයක් වර්ධනය වී මානසික තත්ත්වයට පත්වන අවස්ථා ද තිබෙනවා. ඒ වාගේම මානසික රෝගයක් වර්ධනය වී ශාරීරික රෝගයක් බවට පත්වන අවස්ථා ද තිබෙනවා. මෙවැනි රෝග මූලයන් හඳුනාගැනීම තමයි මූලික අවස්ථාව වන්නේ. මෙවන් අවස්ථාවල රෝගියාගේ අභ්‍යන්තර ස්වභාවයන් මෙන්ම මානසික තත්ත්වයද පරීක්ෂාවට භාජනය කළ යුතුයි. උන්මත්තක ප්‍රභේද අටක් පරීක්ෂණ මගින් හඳුනා දී ඇති අතර, අට්ඨ පුග්ගලා උම්මත්තකා සඤ්ඤං පටිලභන්ති (යම් පුද්ගලයන් අටදෙනෙක් උන්මත්තක නාමය ලබති.) යනුවෙන් අප තථාගතයන් වහන්සේ විසින් උන්මත්තයන් අට කොටසක් විද්‍යාමාන බව වදාරා තිබේ. ලෝකයේ යම් පිස්සන් වෙද්ද මෙමගින් එක් කොටසකට ඇතුළත් නොවන පිස්සෙක් ද නැත.

කාමුම්මත්තකො ලෝභ වසංගතො

කෝධුම්මත්තකො හිංසා සච්ච වසංගතො

මෝහුම්මත්තකො අඤ්ඤාණ වසංගතො

දිට්ඨුම්මත්තකො විපල්ලාස වසංගතො

යක්ඛුම්මත්තකො යක්ඛ වසංගතො

පිත්තුම්මත්තකො පිත්ත වසංගතො

සුරා උම්මත්තකො පාන වසංගතො

ව්‍යසනුම්මත්තකො සෝක වසංගතො

ලෝභයට වසඟ වූ කාම උම්මත්තකයායහිංසාවට වසඟ වූ කෝප උම්මත්තකයායඅඥාන භාවයට වසඟ වූ මෝහ උම්මත්තකයායවිපල්ලාසයට වසඟ වූ දිට්ඨි උම්මත්තකයාය

යක්ෂුන්ට වසඟ වූ යක්ෂ උම්මත්තකයායසිතට වසඟ වූ පිත්ත උම්මත්තකයායපානයට වසඟ වූ සුරා උම්මත්තකයායශෝකයට වසඟ වූ ව්‍යසන උම්මත්තකයාය

එසේ අට ආකාර උන්මතු ප්‍රභේද වෙති. උන්මතු රෝග හට ගනි. ග්‍රහයන්ගේ විෂමතා, අණවින, කොඩිවිණ, වැල් පෑගීම්, ඉරිපෑගීම්, රත් කිරීම්, කටු ගැසීම් ආදී විවිධ නරක දේවල් අමනුෂ්‍යයන්ගේ බලපෑම්, විෂ මත්ද්‍රව්‍ය, විෂ දුම්පානයන් හේතු කොටගෙන උමතු වීමට පුළුවන.

උමතු රෝග සඳහා දේශීය විදේශීය වශයෙන් ප්‍රතිකාර තිබෙනවා. අද බහුලව එම ප්‍රතිකාරවලින් සුවපත් වන පිරිසකුත් සිටිනවා. නමුත් සමහර රෝගීන් සුවපත් කිරීමට නොහැකි වන්නේ ඒවා කර්මානු ස්වභාවයක් ගන්නා නිසයි. පෙර ආත්මවල කළ අකුසල් පලදීම හේතුකොටගෙන දැනට ලංකාවේ 20%ක් පමණ උන්මතු රෝගීන් සිටින අතර, ප්‍රතිකාර ගන්නා පිරිසකුත් ප්‍රතිකාර නොගන්නා පිරිසකුත් සිටිනවා.

උන්මතු රෝගීන්ගේ හැසිරීම් නිසා සමාජයට ද මහත් අපහසුතා විඳින්නට වෙන අවස්ථා එළඹෙයි. උන්මතු රෝග සඳහා බොහෝ ප්‍රතිකාර වගේම ශාන්තිකර්මත් යම් යම් පාරම්පරාවල් සතුව තිබෙනවා. ඒවාට අදාළ බොහෝ මන්ත්‍ර තිබෙනවා. සාමාන්‍ය උන්මතු රෝගියකුට ඔහුගේ හිසේ කෙස් රොදක් අඹරා මන්ත්‍ර මතුරා කෙස් රොදේ ගැටයක් ගසා දමා රෝග සුව වී ඇති අවස්ථා තිබෙනවා.

තෙල් මතුරා හිසට දමන අවස්ථා තිබෙනවා. ජලනන්දන ස්නානය නමින් ශාන්ති කර්මයක් තිබෙනවා. එම රෝගියාගේ කේන්දරය බලා ඒ අනුව නැකත් ගෙන පෙර දින රාත්‍රියේ නැවුම් ළිඳක් කපා ගෙන එදින රාත්‍රියේම එහි වතාවත් කර, කපුටා කෑ ගැසීමට පෙර වතුර කළයක් ගෙන රෝගියාව ස්නානය කිරීමත්, උමතු රෝග සඳහා යන්ත්‍ර පලඳවීමත් සිදු කරනවා. මෙම ශාන්තිකර්ම ක්‍රමයට බොහෝ උමතු රෝගීන් සුවපත් වී තිබෙනවා.

විශේෂයෙන් ළමා විය පසු කරන අධ්‍යාපනය කරගෙන යන්න බැරි අපොහොසත් (ඕටිසම්) වැනි මතකය අඩු දරුවන්ට මෙම ක්‍රමවේදයෙන් කෝටියක් ශිල්ප ධාරණය වන බවට ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ වගේම අත්හදා බලා ප්‍රතිඵල 90% ක් සාර්ථක කර දී තිබෙනවා.

ප්‍රබල යන්ත්‍ර මන්ත්‍ර බලවලට ශාන්ති කර්ම හරියාකාරව සිදු කිරීමෙන් උමතු රෝග සඳහා සුවපත් කිරීමේ හැකියාව පාරම්පරිකව රට තුළ නොනැසී තවමත් තිබෙන බව සතුටින් ප්‍රකාශ කරමු.

කීර්ති ශ්‍රී ලංකා පුත්‍ර දේශ ශක්ති දේශබන්ධුජ්‍යොතිෂ විද්‍යා විශාරද, වෙද්‍යශ්‍රී මානිආචාර්ය ආර්. එම්. කරුණාරත්නඊ 04, කෝප් සිටි මාර්කට්, මෝල්ලේපේ, මොරටුව.0778433319 / 0719803146