මාවා, බාබුල්, තූල් නිසා පාසල් සිසුන් මුඛ පිළිකා ගොදුරක් වීමේ දරුණු අවදානමක Published July 17, 2026 7:22am දරුවන් අතර මුඛ පිළිකා තත්ත්වයක් දරුණු ලෙස වැඩි වෙමින් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා දන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා පවසනවා. පාසල් දරුවන් මාවා, බාබුල්, ත…
මාවා, බාබුල්, තූල් නිසා පාසල් සිසුන් මුඛ පිළිකා ගොදුරක් වීමේ දරුණු අවදානමක
Published July 17, 2026 7:22am
දරුවන් අතර මුඛ පිළිකා තත්ත්වයක් දරුණු ලෙස වැඩි වෙමින් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා දන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා පවසනවා. පාසල් දරුවන් මාවා, බාබුල්, තූල්, පුවක් පැකට් භාවිත කිරීමට ඇබ්බැහිවීම හේතුවෙන් අනාගතයේ දරු පරම්පරාවට කුමක් වේවිද යන්න සිතාගත නොහැකි බවයි ඔහු පැවසුවේ. නවතම වාර්තා අනුව මුඛ පිළිකා රෝගීන් 3800 ක් හමුවී ඇති බවත් ඉන් රෝගීන් 3000 ක් පිරිමි පුද්ගලයන් බවත් 800 ක් කාන්තාවන් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

