මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා මධ්යම පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ. මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරුක් මේ දක්වා ලැබී නොමැති අතර ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම…

මධ්‍යම පළාත් ආණ්ඩුකාර  මහාචාර්ය සරත් අබේකෝන් මහතා මධ්යම පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ. මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරුක් මේ දක්වා ලැබී නොමැති අතර ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම  භාර ගැනීම නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සඳහනක් නොමැති බවයි වාර්තා වුණේ. තමන් මෙසේ ඉල්ලා අස්වීමට ගත් තීරණයට හේතුව සිය පෞද්ගලික හේතුවක් බව ද ඔහු පවසා තිබෙනවා. මහාචාර්ය සරත් අබේකෝන් මහතා පේරාදෙනිය විශ්ව විද්යාලයේ උප කුලපති වශයෙන්ද කලක් සේවය කළා. මේ වන විට  මධ්‍යම පළාත්ආණ්ඩුකාර ලේකම් ධූරය ද හිස්ව පවතින අතර ඒ එම ධූරය දැරූ මංජුලා මඩහපොල මහත්මිය පසුගියදා විශ්‍රාම  යාම හේතුවෙන් .එම තනතුරේ වැඩ බැලීම සදහා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා  කොමිසමේ ලේකම් ඉෂාන් විජේතිලක මහතා පත් කර තිබෙනවා