මැගසින් බන්ධනාරගාරයේ රැදවියන් කිහිප දෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබෙනවා. බන්ධනාගාර ආරංචි පැවසුවේ අද දහවල් පළමුව එම ගැටුම හට ගෙන ඇත්තේ රැදවියන් දෙදෙනෙකු අතර බවයි. ඉන් පසුව තවත් රැදවියන් දෙදෙනෙකු එම ගැටුමට සම්බන්ධ වී තිබෙනවා. එහිදි තුවාල ලැබූ ඔවුන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම…

මැගසින් බන්ධනාරගාරයේ රැදවියන් කිහිප දෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබෙනවා. බන්ධනාගාර ආරංචි පැවසුවේ අද දහවල් පළමුව එම ගැටුම හට ගෙන ඇත්තේ රැදවියන් දෙදෙනෙකු අතර බවයි. ඉන් පසුව තවත් රැදවියන් දෙදෙනෙකු එම ගැටුමට සම්බන්ධ වී තිබෙනවා. එහිදි තුවාල ලැබූ ඔවුන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමටයි නිලධාරීන් කටයුතු කර ඇත්තේ. ප්‍රතිකාර ලැබූ රැදවින් තිදෙනෙකු යළි මැගසින් බන්ධනාගාරයට රැගෙනවිත් තිබෙනවා. අනෙක් රැදවියා තවදුරටත් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ගැටුමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. මැගසින් බන්ධනාගාරයේ පවතින ඉඩ පහසුකම් යටතේ එහි රැදවිය හැක්කේ රැදවියන් 600 දෙනෙකු පමණක් වනවා. එහෙත් අද දිනය වනවිට මැගසින් බන්ධනාගාරයේ රැදවියන් 3,100 දෙනෙකු පමණ රදවා සිටින බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.