මහජන බැංකුව, 2026 ජුනි 30 වැනිදායින් අවසන් වූ මාස හයක කාලසීමාව තුළ සිය ශක්තිමත් බව අඛණ්ඩව පවත්වා ගනිමින්, ඉහළ ලාභදායීත්වයක් අත්කර ගන්නා ලදී. මේ සඳහා ස්ථාවර, මූලික බැංකුකරණ කාර්යසාධනයේ අඛණ්ඩ වර්ධනය, වැඩිදියුණු වූ ලාභය සහ සාධනිය මූල්‍ය කළමනාකරණය වැනි සාධක හේතුවිය. ඒ අනුව, දිනෙන් ද…
මහජන බැංකුව, 2026 ජුනි 30 වැනිදායින් අවසන් වූ මාස හයක කාලසීමාව තුළ සිය ශක්තිමත් බව අඛණ්ඩව පවත්වා ගනිමින්, ඉහළ ලාභදායීත්වයක් අත්කර ගන්නා ලදී.
මේ සඳහා ස්ථාවර, මූලික බැංකුකරණ කාර්යසාධනයේ අඛණ්ඩ වර්ධනය, වැඩිදියුණු වූ ලාභය සහ සාධනිය මූල්‍ය කළමනාකරණය වැනි සාධක හේතුවිය.
ඒ අනුව, දිනෙන් දින වෙනස් වෙමින් පවතින ගෝලීය සහ දේශීය ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද, තම ඉපැයීම් ශක්‍යතාව සහ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව ශක්තිමත් වීම මනාව පෙන්නුම් කරමින් මහජන බැංකුව අදාළ කාලසීමාව තුළ රුපියල් බිලියන 32.6ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 20.5ක වාර්තාගත බදු පසු ලාභයක් වාර්තා කරන ලදී.
මහජන බැංකුවේ ප්‍රධාන ආදායම් මාර්ග ඔස්සේ අත්කරගත් මෙම පුළුල් වර්ධනය, මෙම ඉහළ ලාභදායිත්වය සඳහා මූලික වශයෙන් හේතු විය. පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රුපියල් බිලියන 80.9ක මුදල හා සසඳන විට, සමස්ත මෙහෙයුම් ආදායම 17.7%කින් ඉහළ ගොස් එය රුපියල් බිලියන 95.2ක් දක්වා වර්ධනය වි ඇත. එමෙන්ම ශුද්ධ පොලී ආදායම 18.9%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එය රුපියල් බිලියන 69.3 සිට රුපියල් බිලියන 82.4ක් දක්වා ඉහළ අගයක් අත්පත් කරගැනීමට සමත්ව ඇත.
මහජන බැංකුව සිය ශුද්ධ පොලී සීමාවේ අඛණ්ඩ වර්ධනයක් වාර්තා කරන ලදී. වත්කම් හා බැරකම්වල පොලී අනුපාත, මිල ගණන් ඵලදායී ලෙස නැවත සකස් කිරීම සහ විධිමත් ශේෂ පත්‍ර කළමනාකරණය හේතුවෙන් එම අගය 4.1% සිට 4.4% දක්වා ඉහළ නැංවිණි. මෙම ප්‍රතිඵලය මඟින් ණය හා අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් විචක්ෂණශීලී ප්‍රවේශයක් පවත්වා ගනිමින්, අඛණ්ඩ ව්‍යාපාරික වර්ධනය, ශක්තිමත් ලාභදායීත්වයක් සහිත ඉපැයීම් බවට පරිවර්තනය කිරීමට මහජන බැංකුව සතු හැකියාව මනාව පිළිඹිබු වෙයි,
2026 වසරේ මුල් භාගය තුළ මහජන බැංකුවේ කාර්යසාධනය පිළිබඳව අදහස් දැක්වූ එහි හිටපුසභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා, ‘නිතර වෙනස් වූ භූ-දේශපාලනික තත්ත්වයන් සහ අඛණ්ඩ ආර්ථික අවිනිශ්චිතතා හේතුවෙන් වඩාත් සංකීර්ණ වූ ගෝලීය පසුබිමක් මධ්‍යයේ වුවද මහජන බැංකුව සිය ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව සහ මූල්‍ය ස්ථාවරත්වය අඛණ්ඩව විදහා දැක්වූ බව පැවසිය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු, මහජන බැංකුවේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් මූල්‍ය පදනම්, යහපත් පාලන පිළිවෙත් සහ විචක්ෂණශීලී අවදානම් කළමනාකරණ රාමුවක් මත ගොඩනැගී ඇති බවත්, එමගින් ප්‍රධාන මූල්‍ය දර්ශකයන්හි ධනාත්මක ප්‍රවණතාවක් පවත්වා ගනිමින් පවතින අභියෝග ජය ගැනීමට බැංකුවට හැකි වී ඇති බවත් පැවසිය.
මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් ‘නිරන්තරයෙන් වෙනස් වන ගෝලීය සහ දේශීය වටපිටාවක් තුළ බැංකුව සතු අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාව සහ එහි ශක්තිමත් මූලික ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධාරණය කළේය.
බැංකුවේ ශක්තිමත් මූලික ආදායම් උත්පාදනය, වැඩිදියුණු කළ ලාභ ආන්තිකයන්, ශක්තිමත් වත්කම් ගුණාත්මකභාවය සහ ස්ථාවර ශේෂ පත්‍ර තත්ත්වය, එහි උපායමාර්ගික අවධානය සහ විනයගරුක මූල්‍ය කළමනාකරණයේ ඵලදායීතාවය පිළිබිඹු කරන බවත්, එමඟින් මහජන බැංකුව සිය ධනාත්මක වර්ධන වේගයේ ගම්‍යතාවය අඛණ්ඩව’පවත්වා ගැනීම තුළින් විවිධ’අභියෝගවලට ශක්තිමත්ව ප්‍රතිචාර දැක්වීමට හැකි වන බවත් ඔහු සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ විචක්ෂණශීලී අවදානම් කළමනාකරණ පිළිවෙත් මගින් ශක්තිමත් කෙරුණු බැංකුවේ ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා තත්ත්වය, තිරසාර වර්ධනයක් සහ අඛණ්ඩ මූල්‍ය ඔරොත්තු දීමේ හැකියාවක් සඳහා ශක්තිමත් පදනමක් සපයන බවයි.












