හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ලබාදුන් අධිකරණ තීන්දුවෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කණස්සල්ලෙන් පසු වන බව වාර්තා වනවා. ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ මෙන්ම ඉන් පිටත සිදුවූ එහෙත් මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඇතුළත් කණින්…
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ලබාදුන් අධිකරණ තීන්දුවෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කණස්සල්ලෙන් පසු වන බව වාර්තා වනවා. ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ මෙන්ම ඉන් පිටත සිදුවූ එහෙත් මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඇතුළත් කණින් කොණින් විශේෂංගයේ තොරතුරු පහතින්. තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක වෙඩින් එකක් තිබ්බා. මේ පොළොන්නරුවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්ගේ පුතෙක්ගේ වෙඩින් එක තමයි මෙතන තිබුණේ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාටත් මේකට ආරාධනා කරලා තිබුණා. කට්ටියගේ ලොකු ඉල්ලීමක් තිබ්බා වෙඩින් එකට ආපු වෙලාවේ ඉඳන් මෛත්‍රීට සින්දුවක් කියන්න ඕනේ කියලා කියන්න ඕනේ කියන්න ඕනේ කියලා. හැබැයි මෛත්‍රී ඒකට කිසිම මොහොතක කැමති වෙලා තිබුණේ නැහැ. එතන හිටපු අය – ඒ කියන්නේ මෛත්‍රීව දන්න අයනම් කිව්වේ, “මේ මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා බොහොම මේ දවස්වල ෆුල් අප්සෙට් එකේ ඉන්නේ. හේමසිරි ටයි පූජිතටයි මරණ දඬුවම දුන්න එකට හිටපු ජනාධිපතිතුමානම් ඉන්නේ ෆුල්ම අප්සෙට් එකේ, සින්දු කියන එකක් නැහැ” කියලා. කොහොම හරි ඉතින් වැඩේ ඔහොම යන අතරතුරේදී කට්ටිය දිගින් දිගටම බලකල ඇවිල්ලා හිටපු ජනාධිපතිතුමාට සින්දුවක් කියන්න කියලා. පස්සේ වෙඩින් එකේ අන්තිම ටිකේ යන්න ලෑස්ති වෙද්දී කට්ටිය බලෙන්ම වගේ අරගෙන ගිහිල්ලා සින්දු කියන තැනට එක්කන් ගියා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට සින්දුවක් කියන්න සිද්ධ වුණා. “මේක සින්දුවක්” කියලා මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා හිමින් සැරේ ෂේප් වෙලා තියෙනවා. ඒ කිව්වේ තාත්තා ගැන කතාවක්. දැන් කියන්නේ පුතා ගැන කතාවක්. දහම් සිරිසේන රටින් පැනලා ගිහිල්ලා කියලා පසුගිය දවස්වල විවිධ කතා පැතිරෙන්න ගත්තා. ඒකට හේතුව තමයි වාහන වගයක් ගෙන්නලා හොර පාරෙන්, ඒ කියන්නේ බදු පැහැර හැරලා ඒ කියන්නේ ටැක්ස් ගෙවන්නේ නැතුව හොරෙන් හංගලා වාහන ටිකක් ගෙන්නලා කියලා. කොහොම හරි මේ සිද්ධියත් එක්ක මෑන් රටින් පැන්නා කියලා තමයි ගියේ. ඒත් මෛත්‍රීපාලගේ පුතා කරපු එකක් නෙමෙයි මේක කියලා දැන් අනාවරණය වෙලා තියෙනවා. ඔහු වාහන ගෙන්නලත් නැහැ, මේකට සම්බන්ධයකුත් නැහැ කියලා. කොහොම හරි මේ ප්‍රවෘත්තිය පළකරපු මාධ්‍ය ආයතනයටත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා කතා කරලා තියෙනවා. “හොයලා බලලා දාන්න මල්ලී මේ බොරු දාන්නේ නැතුව” කියලා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඇත්තටම බලද්දී මෙහෙම වාහන වගයක් ඇත්තටම ගෙන්නලා තියෙනවා. මේ කතාව හරි. ඒක හොයලා බලද්දී ඇත්තටම මේකටත් ප්‍රකට දේශපාලනඥයෙක්ගේ පුතෙක් සම්බන්ධයි කියලා තමයි කියන්නේ. මේ මෙයා කවුද කියලා මේ දවස්වල අතිශයෙන්ම ජනප්‍රිය දේශපාලනඥයෙක් සහ දේශපාලන පවුලක්. කොහොම හරි ඔහු මේකට සම්බන්ධ වුණා මිසක්, මේකට දහම් සිරිසේනගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. ප්‍රකට මාධ්‍ය ආයතනයක ඉහළ පෙළේ චරිතයක් එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ලෑස්ති වෙනවා කියලා වාර්තා වෙනවා. මොන පක්ෂයෙන්ද කියලා තාම නැහැ. හැබැයි ආණ්ඩු පක්ෂයෙන්නම් නෙමෙයි කියලා තමයි දේශපාලන වේදිකාවේ තිරයෙන් පිටුපස කතා වෙන්නේ. මීට කලිනුත් කිව්වා මෙයා එනවා මෙයා එනවා මෙයා එනවා කියලා, හැබැයි පසුගිය ජනාධිපතිවරණයටත් ආවේ නැහැ. හැබැයි 2029 නම් ගොඩක් වෙලාවට ඔහු එන්න ඉඩකඩ තියෙනවා කියලා තමයි කියන්නේ. මේ අතරතුර තවත් මාධ්‍ය ආයතනයක ඉහළ පෙළේ චරිතයකුත් ලෑස්ති වෙනවාලු ඊළඟ ඡන්දෙට එන්න කියලා දැන් කතාවක් තියෙනවා.












