MAS සමූහය සහ Brandix ලංකා හි පූර්ණ සහයෝගීතාවයෙන්, කොළඹ රාජකීය විද්‍යාලය පරිපූර්ණ ස්මාර්ට් පාසලක් බවට පත් කිරීමේ සුවිසල් ව්‍යාපෘතියක් ආරම්භ කළ බව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. රුපියල් මිලියන 180ක දැවැන්ත ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම…
MAS සමූහය සහ Brandix ලංකා හි පූර්ණ සහයෝගීතාවයෙන්, කොළඹ රාජකීය විද්‍යාලය පරිපූර්ණ ස්මාර්ට් පාසලක් බවට පත් කිරීමේ සුවිසල් ව්‍යාපෘතියක් ආරම්භ කළ බව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
රුපියල් මිලියන 180ක දැවැන්ත ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ සිසුන් වෙනුවෙන් වඩාත් අන්තර්ක්‍රියාකාරී, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ අනාගතයට ගැළපෙන ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමයි. මීට අමතරව, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ආකර්ෂණීය සහ ඵලදායී එකක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වන නවීන තාක්ෂණය, විශේෂ පුහුණුව සහ සම්පත්වලින් ගුරු මණ්ඩලය සන්නද්ධ කිරීමද මෙහි තවත් එක් අපේක්ෂාවක් වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ ස්මාර්ට් ක්ලාස් රූම් හෙවත් “සුහුරු පන්ති කාමර” 141ක් ස්ථාපිත කිරීමට නියමිත අතර එය, පාසල් පරිශ්‍රය පුරා විහිදුණු ෆයිබර් ඔප්ටික් ජාලයක්, ඒකාබද්ධ ඉගෙනුම් පද්ධතියක් සහ පාසල් කළමනාකරණ පද්ධතියක් සමඟ සම්බන්ධ වේ. එමෙන්ම අධිවේගී සබඳතා පහසුකම් හා cloud යටිතල පහසුකම්, ගුරු පුහුණු මධ්‍යස්ථානය සමඟින් විද්‍යුත් සහයෝගී පන්ති කාමර මෙන්ම ඩිජිටල් අධ්‍යාපනික වීඩියෝ නිර්මාණ සිදු කළ හැකි ස්ටුඩියෝ පහසුකම් ස්ථාපිත කිරීමටත් නියමිතයි.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් වන MAS සමූහයේ සභාපති දේශමාන්‍ය මහේෂ් අමලියන් සහ බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් යන මහත්වරුන්ගේ සුවිශේෂී මූල්‍ය දායකත්වය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්විය. ඔවුන්ගේ මෙම පූර්ණ සහයෝගය සහ මැදිහත් වීම හරහා, ශීඝ්‍රයෙන් වෙනස් වන නවීන තාක්ෂණික ලෝකයට ගැළපෙන පරිදි මෙරට දරු පරපුරේ අධ්‍යාපන අවස්ථාවන් පුළුල් කිරීමටත්, ඔවුන්ව අනාගතය වෙනුවෙන් සූදානම් කිරීමටත් හැකියාව උදා වනු ඇත.












