මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් දෙහිවල පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයා අද ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා ඇසුරු කළ පුද්ග…
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් දෙහිවල පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයා අද ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා ඇසුරු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනාවරණ වූ තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේද දෙහිවල පොලිස් ස්ථානය මගින්. මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු වසර තුනක කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිස් ස්ථානය මගින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.












