බන්ධනාගාර රැඳවියන් කළහාකාරී ලෙස හැසිරීම අවම කර ගැනීම සඳහා වැඩි වශයෙන් මනෝ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ඒ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි. බන්ධනාගාරවල මේ ව…
බන්ධනාගාර රැඳවියන් කළහාකාරී ලෙස හැසිරීම අවම කර ගැනීම සඳහා වැඩි වශයෙන් මනෝ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ඒ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි. බන්ධනාගාරවල මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් කෙරුණු අතර මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන, කුරුවිට යන බන්ධනාගාරවල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වූ දේපළ හානිය රුපියල් මිලියන 255කට අධික බව එහිදී අනාවරණ වුණා. මේ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහිද “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමුවී තිබෙනවා. ඒ, විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට හුදු පුද්ගල සබඳතාවලින් ඔබ්බට යමින් සමස්ත ආර්ථික සහ සමාජ දේහයම බරපතළ තර්ජනයකට ලක් කර තිබීමත්, ඉන් නොනැවතී එම තත්ත්වය වර්ධනය වෙමින් තිබීමත් පිළිබඳව අවධානය යොමු කරමින්. ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේදීද මේ සම්බන්ධයෙන් අවධානය යොමුවූ අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීත් සමාජයත තුලත් පුළුල් සංවාද ඇති වුණා. මේ අතර කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදයට අනුව මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව වගකීම් පැහැර හැරීමේ චෝදනාවට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ලබා දුන් මරණ දඩුවම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින්.










